විදුලි කප්පාදුවට මහජන උපයෝගීතා කොමිසමත් අනුමැතිය දෙයි

0
244

හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා. දිනකට උපරිමය පැය දෙකක් වන පරිදි විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා අනුමැතිය දුන් බවයි එම කොමිසමේ සභාපතිවරයා පවසන්නේ.

හේතු කිහිපයක් මත විදුලි අවශ්‍යතාවය 100% ක් සම්පූර්ණ කිරීම සඳහා විදුලිබල මණ්ඩලය අසමත්ව ඇති අතර ‌මේ නිසා දහවල් කාලයේදී විනාඩි 45 ක් සහ රාත්‍රී කාලයේදී පැයක් බැගින් විදුලිය කප්පාදු කිරීම සඳහා මේ වනවිටත් සැළසුම් කර තිබේ. අදියර කිහිපයක් යටතේ දිවයින පුරා විදුලි කප්පාදුව සිදුවනු ඇත.

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසන්නේ අඛණ්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන් විදුලිබල මණ්ඩලය අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි. විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගල් අඟුරු සපයා ගැනීම විදුලිබල මණ්ඩලය මුහුණ දී සිටින ප්‍රධානම ගැටලුව වන අතර ඒ සඳහා අවශ්‍ය ඩොලර් මහා භාණ්ඩගාරය මගින් ලැබෙනු ඇතැයි විස්වාස කරන බවද ගාමිණී ලොකු‌ගේ මහතා පවසනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here