07 දෙනෙක් මරුමුවට පත්වූ නානුඔය අනතුරේ බස් රථ රියදුරු අත්අඩංගුවට

නුවර එළිය – නානුඔය ප්‍රදේශයේදී බස් රථයක් වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවූ දරුණු රිය අනතුර සම්බන්ධයෙන් අදාළ බස් රථයේ රියදුරාව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා (20) රාත්‍රියේදී මෙම බිහිසුණු අනතුර සිදුවූ අතර එයින් වෑන් රථයේ ගමන්ගත් ළමුන් තිදෙනෙකු ඇතුළු 06 දෙනෙකු සහ ත්‍රීරෝද රථයේ රියදුරා ජීවිතක්ෂයට පත්විය.

මේ පිළිබඳ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ බස් රථයේ රියදුරා නොසැලකිලිමත් ලෙස අධික වේගයෙන් රිය ධාවනය කර ඇති බවයි.

ඒ අනුව පොලිසිය විසින් ඊයේ (21) පස්වරුවේ ඔහුව අත් අඩංගුවට ගෙන ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

GSP+ සාකච්ඡා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉදිරියටම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW: GSP+ වෙළඳ සහන යෝජනා...

1992 න් පසු දැවැන්තම දේශපාලන පෙරළිය: සෙලවුණු ධවල මන්දිරය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW: 2026 එක්සත් ජනපද මැදවාර...

බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික පුහුණුව:යෝෂිත හා කරන්නාගොඩ අධිකරණය හමුවේ අද පැවසූ දේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්...