*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

පෝට් සිටි කොමිසමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පැසසුම්

2023.01.05 වන දින පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට ලබා දුන් නිර්දේශ සම්බන්ධයෙන් එම කොමිෂන් සභාව ගත් කඩිනම් පියවර පිළිබදව මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය ප්‍රශංසාව පළ කළේය. වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව මාර්ගගත ක්‍රමවේදයන්ට (Online) අනුගතවන ලෙසට සහ 2021 වර්ෂය සදහා විගණනය කරන ලද ගිණුම් ඉදිරිපත් කරන ලෙසට ලබා දුන් නිර්දේශවලට එම කොමිෂන් සභාව කඩිනමින් මෙලෙස ප්‍රතිචාර දක්වා තිබීම ඊට හේතුවයි.

රජයේ මුදල් පිළිබද කාරක සභාව පසුගිය 19 වැනිදා හමුවූ අවස්ථාවේදී කමිටු සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

අදාළ පනතට අනුව, වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව සම්පූර්ණයෙන්ම රජයට අයත් නිසි නෛතික ක්‍රමවේදයක් යටතේ පිහිටුවන ලද ආයතනයක් බව කොමිෂන් සභාවේ නිලධාරීහු පෙන්වා දුන්හ.

බලපත්‍රවලට අදාළ ඉල්ලුම්පත්‍රවල සපයා ඇති තොරතුරුවල වලංගුභාවය පරීක්ෂා කිරීමට ඇති හැකියාව පිළිබඳව විමසූ විට කොමිෂන් සභාව පවසා සිටියේ අයදුම්පත්‍රයේ සදහන් තොරතුරුවල වගකීම අයදුම්කරු වෙත පැවරෙන බවයි. එසේම වරාය නගර භූමිය තුළ සියලුම සමාගම්වල ලේඛනයක් ඉලෙක්ට්‍රොනිකව සාමාන්‍ය ජනතාවට අදාළ තොරතුරු දැනගත හැකිවන පරිදි පවත්වාගෙන යනු ලබන බව ද මෙහිදී තහවුරු විය.

බදු ප්‍රතිපත්ති අනුව කොළඹ වරාය නගරයෙන් පිටත ව්‍යාපාර කිරීමට තෝරා ගැනීමේ නිදහස ඇති අයදුම්කරුවන්ගේ වරප්‍රසාද පිළිබඳව කමිටුවේදී අවධානය යොමු විය.

වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ වැටුප් ව්‍යුහයන් සහ මානව සම්පත් ප්‍රතිපත්ති සැකසීමේ බලය එම ආයතනවලට ලබා දෙන බවයි.

එහිදිී මෙය දැඩි ලෙස නිරීක්ෂණය කළ යුතු බවත්, අක්‍රමිකතා සඳහා ඉඩ කඩ ඇති බැවින් නැවත සලකා බැලිය යුතු බවත් මුදල් කාරක සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය. මීට අමතරව, අන්තර්කාලීන පදනමක් මත, විෂයභාර අමාත්‍යවරයා විසින් අනුමත කරන්නේ නම්, සමාගම්වලට, වසර 05 කට නොවැඩි කාලයක් සඳහා, වරාය නගරයෙන් පිටත ව්‍යාපාරයක් විවෘත කිරීමේ හැකියාව පවතී.

අධිභාර සහ දඩ මුදල් පිළිබඳ කමිටුව විසින් විමසූ විට, වරාය නගර ආර්ථික කොමිෂන් සභාව, දඬුවම්වල පරාමිතීන් තහවුරු කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සහ අදාළ නියාමකයින් සමඟ කටයුතු කරන බව සදහන් කළේය. කොළඹ වරාය නගරය පාලනය කිරීමේදී බහුවිධ නියාමකයන්ගේ කාර්යය වරාය නගර ආර්ථික කොමිසමට සිදුකළ නොහැකි බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී අවධාරණය කළේය. 2023 වසර අවසන් වන විට ශ්‍රී ලංකාව සඳහා කැසිනෝ නියාමනය සදහා ආයතනයක් ස්ථාපිත කිරීම සදහා මුදල් කාරක සභාවේ උපදෙස් පරිදි දැනටමත් කටයුතු කරන මුදල් අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරන ලෙස කමිටු සභාපතිවරයා ඔවුන්ට උපදෙස් දුන්නේය.

ආරවුල් විසඳීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන ලද අතර, පනතට අනුව, වරාය නගරය තුළ ඇති ආයතනය ගැටුම් නිරාකරණය සඳහා ඉඩක් පමණක් ලබා දෙන බව අනාවරණය විය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ මායිම් තුළ ඇති මහේස්ත්‍රාත් සහ සිවිල් අධිකරණවල ප්‍රමුඛතා පදනම මත සියලුම අධිකරණ කටයුතු සිදු කරනු ලැබේ. ඉදිරියේදී මෙම කටයුතු සමාලෝචනය කරන බව නීතිපති දෙපාර්තමේන්තුව තහවුරු කළේය.

මේ අනුව බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රියාවලියට වඩාත් පැහැදිලි බවක් ලබා දීම , විගණන වාර්තා නිසිපරිදි ඉදිරිපත් කිරීම සහ අනෙකුත් නෛතික ප්‍රශ්නවලදී සිදු වන ප්‍රමාදයන් වළක්වා ගැනීම සහතික කිරීම සඳහා වරාය නගර ආර්ථික කොමිෂන් සභාව නිරන්තරයෙන් රැස් වන බවට ලබාදුන් සහතිකය සමග සමාලෝචනය සඳහා ඉදිරිපත් කරන ලද සියලුම ගැසට් පත්‍ර කොන්දේසි සහිතව අනුමත කරන ලදී.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය සුරේන් රාඝවන්, අනූප පැස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, මයන්ත දිසානායක, මහාචාර්ය රංජිත් බණ්ඩාර, ආචාර්ය නාලක ගොඩහේවා, ප්‍රේම්නාත් සී. දොලවත්ත, මධුර විතානගේ යන මහත්වරුන් ද වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද මෙම කමිටු රැස්වීමට එක්ව සිටියහ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan