07 දෙනෙක් මරුමුවට පත්වූ නානුඔය අනතුරේ බස් රථ රියදුරු අත්අඩංගුවට

Date:

නුවර එළිය – නානුඔය ප්‍රදේශයේදී බස් රථයක් වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිදුවූ දරුණු රිය අනතුර සම්බන්ධයෙන් අදාළ බස් රථයේ රියදුරාව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා (20) රාත්‍රියේදී මෙම බිහිසුණු අනතුර සිදුවූ අතර එයින් වෑන් රථයේ ගමන්ගත් ළමුන් තිදෙනෙකු ඇතුළු 06 දෙනෙකු සහ ත්‍රීරෝද රථයේ රියදුරා ජීවිතක්ෂයට පත්විය.

මේ පිළිබඳ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ බස් රථයේ රියදුරා නොසැලකිලිමත් ලෙස අධික වේගයෙන් රිය ධාවනය කර ඇති බවයි.

ඒ අනුව පොලිසිය විසින් ඊයේ (21) පස්වරුවේ ඔහුව අත් අඩංගුවට ගෙන ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 24) දිනයේදී මධ්‍යම, ඌව...

විපක්ෂ නායක සජිත් සහ ඉන්දියානු විදේශ කටයුතු ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට නිල සංචාරයක නිරතව සිටි ඉන්දීය...

මාලිමා මන්ත්‍රී ශාන්ත සම්බන්ධ සිද්ධියේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් !

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර...

පළමුවැන්නයි දෙවැන්නයි එකතු වෙලා හදපු බැටනය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW: ජාතික ඔලිම්පික් කමිටුව 2026...