30 කැබිනෙට්ටුව 15ට අඩුකරයි. විදුලිබල හා බලශක්ති එකතුකර මහින්දානන්දට ?

Date:

මීළඟ කැබිනට් මණ්ඩලය 15 දෙනෙකුට සීමා කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

රටේ ක්‍රියාත්මක වන විරෝධතා ද සැලකිල්ලට ගනිමින් මෙසේ 30 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලය 15 දක්වා අඩුකිරීමට තීරණය කර ඇති බව සඳහන්.

එහිදී වත්මන් රජය යටතේ මෙතෙක් වෙන වෙනම පැවති විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ දෙකම එකතු කර මහින්දානන්ද අළුත්ගමගේ මහතාට පැවරීමට නියමිත බවත් වාර්තා විය.

මෙම කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දීමට නියමිතව තිබුණත් හෙට (09) පැවැත්වීමට නියමිතව ඇති දැවැන්ත මහජන විරෝධතාව පිළිබඳව ද නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එය බොහෝ දුරට 10 වනදා දිවුරුම් දෙනු ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

කෙසේවෙතත් 10 වනදා වනවිට අවම වශයෙන් මුදල් අමාත්‍යවරයා පමණක් හෝ අනිවාර්යයෙන්ම දිවුරුම් දීමට සිදුවන්නේ 11 වනදා IMF සාකච්ඡාව ආරම්භ වීමට නියමිත නිසාය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රැමී හිදී Trevor Noah කළ ඇස් රතුවෙන විහිළුවට ට්‍රම්ප්ට මළ පැනලා!

සටහන – පුලී පෙබරවාරි 04, LNW (කොළඹ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

III චාල්ස් රජු ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනට සුබ පැතුම් එක්කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : 78 වන නිදහස්...

වෙනිසියුලාවේ ජනාධිපති මධුරෝ සහ බිරිඳ නිදහස් කරන ලෙස ඉල්ලා දහස් ගණනක් පෙළපාළි යති..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු හමුදා විසින්...

ලෝකය විනිශ්චය කරන්න යන ‘රාජා‘

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: රවින්ද්‍ර විමලසිරි මෙවර ලෝක...