30 කැබිනෙට්ටුව 15ට අඩුකරයි. විදුලිබල හා බලශක්ති එකතුකර මහින්දානන්දට ?

0
4057

මීළඟ කැබිනට් මණ්ඩලය 15 දෙනෙකුට සීමා කිරීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

රටේ ක්‍රියාත්මක වන විරෝධතා ද සැලකිල්ලට ගනිමින් මෙසේ 30 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලය 15 දක්වා අඩුකිරීමට තීරණය කර ඇති බව සඳහන්.

එහිදී වත්මන් රජය යටතේ මෙතෙක් වෙන වෙනම පැවති විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ දෙකම එකතු කර මහින්දානන්ද අළුත්ගමගේ මහතාට පැවරීමට නියමිත බවත් වාර්තා විය.

මෙම කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දීමට නියමිතව තිබුණත් හෙට (09) පැවැත්වීමට නියමිතව ඇති දැවැන්ත මහජන විරෝධතාව පිළිබඳව ද නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එය බොහෝ දුරට 10 වනදා දිවුරුම් දෙනු ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

කෙසේවෙතත් 10 වනදා වනවිට අවම වශයෙන් මුදල් අමාත්‍යවරයා පමණක් හෝ අනිවාර්යයෙන්ම දිවුරුම් දීමට සිදුවන්නේ 11 වනදා IMF සාකච්ඡාව ආරම්භ වීමට නියමිත නිසාය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here