Tag: විදෙස්

  • න්‍යෂ්ටික අවි ගැන උතුරු කොරියවේ තද නීති – න්‍යෂ්ටික අවිහරණය ගැන කතා කරන්නත් තහනම් !

    න්‍යෂ්ටික අවි ගැන උතුරු කොරියවේ තද නීති – න්‍යෂ්ටික අවිහරණය ගැන කතා කරන්නත් තහනම් !

    දැඩි නීති ක්‍රියාත්මක ඒකාධිපති පාලනයක් සහිත රටක් වන උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි බලය සම්බන්ධයෙන් ඉතා තදබල නීති පද්ධතියක් සම්මත කරගෙන තිබෙනවා.

    මෙම නීතිවලට අනුව රටේ ආරක්ෂාව වෙනුවෙන් වෙනත් රටකට එරෙහිව න්‍යෂ්ටික අවි ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ජනාධිපති කිම් ජොං උන් වෙත ලබා දී ඇති අතර එම තීරණය කිසිදු හේතුවක් මත ආපහසු හැරවීමේ හැකියාවක් නොමැත.

    මීට අමතරව න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් රටතුළ සාකච්ඡා කිරීම හෝ අදහස් ප්‍රකාශ කිරීම උතුරු කොරියානු වැසියන්ට තහනම් වේ.

    එරට නිළ පුවත් සේවය වන KCNA වෙත ජනාධිපති කිම් ජොං උන් පවසා තිබෙන්නේ තමන් න්‍යෂ්ටික අවි බලය සහිත රාජ්‍යයක් බව සියලු රටවල් තේරුම් ගතයුතු බවයි.

    න්‍යෂ්ටික බලය භාවිතා කිරීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් ලොව බොහෝ රටවල් උතුරු කොරියාවට දැඩි සම්බාධක පමුණුවා ඇති අතර එම සම්බාධක මධ්‍යයේ වුවද උතුරු කොරියාව පසුගිය 2006-2017 කාලසීමාව තුළදී න්‍යෂ්ටික අත්හදා බැලීම් 06 ක් සිදුකර තිබේ.

    න්‍යෂ්ටික අවිහරණය ඇතුළු කරුණු සම්බන්ධයෙන් හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග උතුරු කොරියානු නායකයා මුහුණට මුහුණ සාකච්ඡා සඳහා පැමිණි නමුත් සාකච්ඡා දෙකකට පසුව එම උත්සාහය අඩාල විය. ඉන් අනතුරුවද න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කිරීමට උතුරු කොරියානු පාලනය පියවර ගෙන තිබිණි.

    UN

  • දෙවන එලිසබෙත් රැජිණ නික්ම යයි..

    දෙවන එලිසබෙත් රැජිණ නික්ම යයි..

    බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.

    එලිසබෙත් රැජිණ බ්‍රිතාන්‍යයේ වසර 70 ක කාලයක් පුරා රැජිණ කිරුළ පැළඳි අතර, ඇගේ මරණ මංචකය අභියස ඇගේ දරුවන් සියලු දෙනා ද සිටි බවට සඳහන්.

    ඈ අවසන් හුස්ම හෙලුවේ ඈට අයත් බැල්මොරල් මාලිගයේ ය.

    දැඩි වෛද්‍ය අධීක්ෂණයේ පසුවූ එලිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වන විට 96 වන වියේ පසුවිය.

    ඇගේ නික්මයාම සමඟ බ්‍රිතාන්‍යයේ රජු බවට පත්වන්නේ චාර්ල්ස් කුමරු ය.

    https://youtu.be/9Auq9mYxFEE

    Outbound Today

    සබැඳි පුවත්:

  • චීනයේ සිචුවාන් පළාතේ හටගත් භූකම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 82 දක්වා ඉහළට!

    චීනයේ සිචුවාන් පළාතේ හටගත් භූකම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 82 දක්වා ඉහළට!

    චීනයේ නිරිතදිග සිචුවාන් පළාතේ වසර පහකට පසු හටගත් දරුණම භූකම්පාව මෙයයි..

    ඉකුත් සඳු (05) දින චීනයේ නිරිතදිග කලාපයේ පිහිටි සිචුවාන් පළාතේ රිච්ටර් මාපකයේ 6.8 ලෙස සටහන් වූ දරුණු භූකම්පාවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 82 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට, මෙය එකී කලාපයට 2017 වර්ෂයේ හටගත් භූකම්පාවකට පසු හටගත් දරුණුතම භූකම්පාවයි.

    මෙම භූකම්පාවෙන් පුද්ගලයන් 270 කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර, 35 දෙනෙකු අතුරුදන්ව ඇති බව ද වාර්තා වේ.

    මේ අතර, චීනයේ ලුඩින්ග් ප්‍රදේශයට ද රිච්ටර් මාපකයේ 2.9 ලෙස සටහන් වූ පසු-භූකම්පාවක් ඊයේ (07) දින හටගෙන ඇති අතර, මේ වන විට බලධාරීන් විසින් එම ප්‍රදේශයේ වසා දැමූ මාර්ග නැවත විවෘත කර ඇත.

    එමෙන්ම, ලුඩින්ග් ප්‍රදේශයට තැඹිලි පැහැති (අනතුරු මට්ටම අනුව දෙවෙනි මට්ටම) අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට කාලගුණ බලධාරීන් කටයුතු කර ඇති අතර, එම ප්‍රදේශයේ නායයෑම් සිදුවීමට ද ඉඩ ඇති බව නිවේදනය කර ඇත.

    තව ද, කහ පැහැති (අනතුරු මට්ටම අනුව තෙවෙනි මට්ටම) අනතුරු ඇඟවීමක් එරට භූකම්පාව සිදුවූ සිචුවාන් පළාතේ මධ්‍යම හා බටහිර කලාප වලට නිකුත් කර ඇත.

    Outbound Today

  • IMF ප්‍රධානී ක්‍රිස්ටලීනා ඉන්දියාවට පැමිණීමට සූදානමින් !

    IMF ප්‍රධානී ක්‍රිස්ටලීනා ඉන්දියාවට පැමිණීමට සූදානමින් !

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජියාවා මහත්මිය ඉන්දියාවේ නිළ සංචාරයක් සඳහා සූදානම් වන බව වාර්තා වේ. ඉදිරි කාලය තුළදී මෙම සංචාරය සිදුවනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

    දින 02 ක සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණෙන ක්‍රිස්ටලීනා මහත්මිය සංචාරය අතරතුර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා හමුවීමටද සූදානමින් සිටී.

    ඇය ඉන්දියාවේ රැඳී සිටින කාලය තුළ මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිළධාරීන් පිරිසක්ද ඉන්දියාවට ගොස් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

    ශ්‍රී ලංකාව, පකිස්තානය ඇතුළු දකුණු ආසියානු රටවල මතුව ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙම සංචාරය තුළදී IMF ප්‍රධානියාගේ අවධානය යොමුවනු ඇත.

    UN

  • බ්‍රිතාන්‍ය නව අගමැතිනි ලිස් ටෘස්!

    බ්‍රිතාන්‍ය නව අගමැතිනි ලිස් ටෘස්!

    බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස ලිස් ටෘස් තේරී පත්ව ඇති බව වාර්තා වේ.

    බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම්වරිය ලෙස කටයුතු කළ ලිස් ටෘස් මහත්මිය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ගේ නික්ම යාමෙන් පසු එරට හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනාක් සමඟ බ්‍රිතාන්‍ය පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව නිලවරණයට තරඟ වැදිනි.

    ඈ බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත්වූ බව එරට වේලාවෙන් පස්වරු 12:30 ට ප්‍රකාශයට පත් කරන ලදී.

    තමා බලයට පැමිණියහොත් ඉටුකරන ප්‍රථම කාර්යභාරය බ්‍රිතාන්‍යයේ මෝටර් රථ ධාවන මංතීරු වල වේග සීමාව පැයට හැතැක්ම 70 ලෙස පැවතීම අහෝසි කර දැමීම බව ඈ ප්‍රකාශ කර තිබීම ද විශේෂත්වයකි.

    Outbound Today

  • මීලඟ බ්‍රිතාන්‍ය අගමැති රිෂීද ලීසාද ? – අවසන් තීරණය අද !

    මීලඟ බ්‍රිතාන්‍ය අගමැති රිෂීද ලීසාද ? – අවසන් තීරණය අද !

    මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ කාටද යන්න පිළිබඳ අවසන් තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. නව අගමැතිවරයා අද ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව හෙට දිනයේදී නව අගමැතිවරයා එලිසබෙත් මහ රැජින ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

    පාලක කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය දරන පුද්ගලයාට අගමැති ධුරය හිමිවන අතර පක්ෂ නායකත්වය තෝරා ගැනීම අදියර කිහිපයකින් පැවැත්විණි. අවසන් තරගකරුවන් දෙදෙනා වන්නේ හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනක් සහ වත්මන් විදේශ කටයුතු ඇමතිනිය වන ලීසා ට්‍රස් යන දෙදෙනායි.

    එරට මාධ්‍ය වාර්තාවලට අනුව මුල් වටවලදී රිෂී සුනක් ඉදිරියෙන් සිටියද මේ වනවිට ලීසා ට්‍රස් ඔහු අභිබවා යාමට සමත්ව ඇති බවයි. ඒ අනුව බොහෝදුරට ලීසා ට්‍රස් අගමැති තනතුරට පත්වනු ඇත.

    ජනතා විස්වාසය අඛණ්ඩව රඳා පවත්වා ගැනීමට අසමත් වීම හේතුවෙන් සහ ආර්ථික අර්බුදයට නිසි විසඳුම් ලබාදීමට අසමත් වීම හේතුවෙන් බොරිස් ජොන්සන්ට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.

    UN

  • බංග්ලාදේශ් බ්‍රැඩ්මන්ට T20 ක්‍රිකට් එපාම වෙයි !

    බංග්ලාදේශ් බ්‍රැඩ්මන්ට T20 ක්‍රිකට් එපාම වෙයි !

    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරු මුෂ්ෆිකර් රහීම් 20/20 ජාත්‍යන්තර තරගවලින් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රහීම් අද මේ බව සඳහන් කර තිබේ.

    ටෙස්ට් හා එක්දින තරග අංශ සඳහා වැඩි අවධානයක් ලබාදීමේ අරමුණින් 20/20 ජාත්‍යන්තර තරගවලින් සමු ගැනීමට තීරණය කළ බවත්, කෙසේ නමුත් ලීග් තරගාවලි සඳහා අවස්ථාවක් හිමි වුවහොත් ඒ සඳහා සූදානම් බවත් මුෂ්ෆිකර් රහීම් ප්‍රකාශ කරයි. තමාගේ තීරණය හේතුවෙන් ඉදිරියේදී ටෙස්ට් හා එක්දින තරග අංශවලින් රට වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදීමට හැකිවනු ඇති බවට ඔහු විස්වාසය පළ කරනවා.

    මේ වනවිට 36 හැවිරිදි වියේ පසුවන මුෂ්ෆිකර් 2006 වසරේ සිම්බාබ්වේට එරෙහිව 20/20 ජාත්‍යන්තර වරම් දිනාගත් අතර එතැන් පටන් තරග 102 ක් ක්‍රීඩා කර තිබෙනවා. ඉනිම 93 කදී 115 ක ප්‍රහාරක වේගයක් සහිතව ලකුණු 1500 ක් රැස් කරගෙන ඇති අතර ඊට අර්ධ ශතක 06 ක් අන්තර්ගත වේ. ඔහු උඩපන්දු 42 ක් හා ස්ටම්ප් 30 ක් වාර්තා කර තිබෙනවා.

    බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විසින් තමාව, ටෙස්ට් ඉතිහාසයේ සුපිරිතම පිතිකරුවා ලෙස හඳුන්වන ඩොනල්ඩ් බ්‍රැඩ්මන් හා සමාන කරන බව එක් අවස්ථාවකදී ප්‍රකාශ කළ මුෂ්ෆිකර් වැඩිදුරටත් සඳහන් කළේ බ්‍රැඩ්මන් වැනි සුපිරි ක්‍රීඩකයෙකුට ලංවීමට හෝ තමාට නොහැකි බවයි.

    මේ වනවිට පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම බංග්ලාදේශයට ඉවතට විසිවීමට සිදුවූයේ තරග දෙකම පරාජයට පත්වෙමිනි. මුෂ්ෆිකර් ප්‍රමාණවත් දස්කම් දැක්වීමට අසමත් වූ අතර තරග දෙකේදීම රැස් කළේ ලකුණු 05 ක් පමණි. එම පරාජය මෙන්ම පිතිකරුවෙකු ලෙස අසාර්ථක වීම ඔහුගේ සමුගැනීම ඉක්මන් කිරීමට හේතුවක් වන්නට ඇත.

    UN

  • සෙරීනා විලියම්ස් පරාජිතයෙකු ලෙස ටෙනිස් පිටියෙන් බැස යයි

    සෙරීනා විලියම්ස් පරාජිතයෙකු ලෙස ටෙනිස් පිටියෙන් බැස යයි

    ඇමරිකානු සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් සිය සමුගැනීම ප්‍රකාශයට පත්කර තිබෙනවා. මෙවර ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අංශයේ සිව්වැනි වටය සඳහා සෙරීනා ඊයේ සහභාගි විය. ඒ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා අජ්ලා ටොම්ජනොවික් සමගයි.

    ලෝක ශ්‍රේණිගත කිරීම්වල 46 වැනි ස්ථානයේ රැඳී සිටින ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාව හමුවේ සෙරීනා තරග වට 2-1 ක් ලෙස පරාජයට පත් වූවාය. අවසන් ලකුණු සටහන දැක්වුනේ 75, 6-7 හා 6-1 ලෙසයි.

    මෙම පරාජයත් සමගින් සෙරීනා විලියම්ස් සිය සමුගැනීම ප්‍රකාශයට පත් කළාය.

    වසර 27 ක වෘත්තීය ටෙනිස් ක්‍රීඩාව තුළ ග්‍රෑන්ඩස්ලෑම් ශූරතා 23 කට හිමිකම් කීමට සෙරීනා විලියම්ස් සමත් වූවාය. ඉන් 23 ක් කේවල ඉසව්වලින් දිනාගත් අතර යුගල ශූරතා 14 ක් හා මිශ්‍ර යුගල ශූරතා දෙකක් ඊට ඇතුළත් වේ. ඇය ජයගත් සමස්ත කේවල තරග ප්‍රමාණය 847 කි.

    UN

  • පිළිකාවට එරෙහිව යුධ ප්‍රකාශ කරන හොලිවුඩ් රැජිණ ජේන් ෆොන්ඩා!

    පිළිකාවට එරෙහිව යුධ ප්‍රකාශ කරන හොලිවුඩ් රැජිණ ජේන් ෆොන්ඩා!

    දේශගුණික විපර්යාස වලට එරෙහිව සටන් කළ ජේන් පිළිකාවට එරෙහිව ද සටන් කරන්නීය..

    ඔස්කාර් සම්මානලාභී හොලිවුඩයේ රාජකීයත්වය හිමි රංගන ශිල්පිනී ජේන් ෆොන්ඩා තමා පිළිකා තත්ත්වයකින් පසුවන බව හෙළිකර තිබේ.

    ඊයේ (02) දින තැබූ ඉන්ස්ටග්‍රෑම් සටහනකින් 84 හැවිරිදි සුපිරි හොලිවුඩ් නිළිය තහවුරු කර සිටියේ තමාට නන්-හොජ්කින්ස් ලිම්ෆෝමා (non-Hodgkin’s lymphoma) තත්ත්වය තිබෙන බවත්, එයට පහසුවෙන්ම ප්‍රතිකාර කළ හැකි බවත් ය.

    එමෙන්ම, තමා දැන් මාස හයක රසායනික ප්‍රතිකාර හෙවත් කීමෝතෙරපි (chemotherapy) ආරම්භ කර තිබෙන බව ද ජේන් සැලකර සිටියාය. තව ද මෙම පිළිකා තත්ත්වය ඇතිවූවන්ගෙන් සියයට 80 ක් ම සුවය ලබා ඇති බවත්, තමාට සෞඛ්‍ය රක්ෂණයක් හිමි නිසා සහ හොඳම වෛද්‍ය කණ්ඩායමකින් ප්‍රතිකාර ලබන නිසා තමා වාසනාවන්ත යැයි හැඟෙන බව ද ඈ සිය ඉන්ස්ටග්‍රෑම් සටහනේ දක්වා සිටියාය.

    රිදී තිරයේ මෙන්ම පුංචි තිරයේ ද දශක හයකට වඩා කාලයක් සිය රංගන ශ්‍රේෂ්ඨත්වය සනිටුහන් කළ ජේන් ෆොන්ඩා, ඇගේ සමකාලීනයන් බොහෝ දෙනෙකු සිනමාවෙන් විශ්‍රාම යද්දී, තවමත් සක්‍රිය අන්දමින් සිය රංගන කුසලතා පෙන්වමින් හොලිවුඩ් සිනමාවේ කැපී පෙනෙන භූමිකාවක් ඉටු කරන්නීය. ඇගේ රූපශ්‍රීය බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වන්නේ, 84 වන වියේදී පවා ඈ තම රූසපුව අගනා අන්දමින් පවත්වා ගැනීම නිසාවෙනි.

    1971 වර්ෂයේදී ඈ රඟපෑ ක්ලූට් (Klute) නම් චිත්‍රපටය සහ 1978 වර්ෂයේදී රඟපෑ කමිං හෝම් (Coming Home) නම් චිත්‍රපටය වෙනුවෙන් ඈ ඔස්කාර් සම්මාන ලබා ඇත.

    මීට අමතරව ටෙලි නාට්‍ය රැසකට ඈ රංගනයෙන් දායකත්වය ලබා දී ඇත.

    රංගන දිවියෙන් පරිබාහිරව ජේන් ෆොන්ඩා මහජන විකාශනය තුළ වඩාත් කැපී පෙනෙන චරිතයක් බවට පත්ව තිබෙන්නේ ඈ දේශගුණික විපර්යාස වලට අදාළ අධිවාචන කටයුතු කරන්නියක වීම නිසාවෙනි.

    ඇගේ ඉන්ස්ටග්‍රෑම් සටහනින් ඈ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, තම පිළිකා තත්ත්වය කිසිසේත්ම තම දේශගුණික විපර්යාස අධිවාචනයට බාධාවක් කර ගැනීමට තමා කටයුතු නොකරන බවය.

    නිහඬ ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් බවට පත්ව තිබෙන පිළිකාව සමඟ බොහෝ දෙනෙකු පොර බදින අතර, එම විරුවන් ගෙන් ඇතමෙකු අද වන විට අප අතර නොමැත. කලා ලොවේ ආසන්නතම අවස්ථාව වන්නේ ඉකුත් දින අප අතරින් සමුගත් කන්ට්‍රි ගීත කිරිල්ලිය වූ ඔලිවියා නිව්ටන් ජෝන් ය. මීට දශකයකට පමණ ඉහත හොලිවුඩයේ සරාගීම කාත්තාවක් වූ ෆේරා ෆෝව්සට් ද පිළිකා තත්ත්වයක් මත අප අතරින් සමුගත්තාය.

    අප අවබෝධ කර ගත යුත්තේ පිළිකාව සමඟ පොර බදින සෑම පුද්ගලයකුම විරුවකු බවයි. ඒ අනුව ජේන් ෆොන්ඩා ද නිසැකවම පිළිකාවට එරෙහි විරුවෙකි.

    හොලිවුඩ් රැජිණ ජේන් ෆොන්ඩාට අවුට්බවුන්ඩ් ටුඩේ අපි ද යහපත් සෞඛ්‍යයක් මෙන්ම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කර සිටිමු.

    ඡායාරූප: ඒපී / ජේන් ෆොන්ඩා ගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම

    ඉසුරු පරාක්‍රම | අවුට්බවුන්ඩ් ටුඩේ

  • අවුන් සාන් සූකීගේ සිරදඬුවම් කාලය වසර 20 ක් දක්වා දීර්ඝ වෙයි

    අවුන් සාන් සූකීගේ සිරදඬුවම් කාලය වසර 20 ක් දක්වා දීර්ඝ වෙයි

    මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සූකී මහත්මියට වසර 03 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් පනවා තිබෙනවා.

    එරට හමුදා පාලනය විසින් මැතිවරණ වංචාවක් සම්බන්ධයෙන් සූකී මහත්මියට එරෙහිව ගොනුකර තිබූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම දඬුවම පනවා තිබෙනවා. මීට පෙර ඇයට වසර 17 ක සිරදඬුවමක් නියම වූ අතර ඒ අනුව ඇයගේ දඬුවම් කාලය වසර 20 ක් දක්වා දීර්ඝ වී තිබේ.

    මියන්මාරය හමුදා පාලනයට නතුවීමෙන් අනතුරුව පැවති ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ නායකයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට විවිධ චෝදනා යටතේ නඩු පවරා තිබෙනවා.

    අවුන් සාන් සූකී මහත්මියට එරෙහිව තවත් චෝදනා රැසක් එල්ල කර ඇති අතර එම චෝදනා ඔප්පු වුවහොත් ඇයට වසර 200 කට අධික සිරදඬුවම් හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

    UN