ශකීරාගේ නමින් කැස්බෑ පොසිලයක්!

සටහන – පුලී

නොවැම්බර් 22, කොළඹ (LNW): කොලොම්බියානු පාෂාණ විද්‍යාවේ පෙර නොවූ විරූ සොයාගැනීමක් හුයිලා දෙපාර්තමේන්තුවට අයත් ටාටාකෝවා කාන්තාරයෙන් හෙළිදරව් වී තිබේ.

යුනිවර්සිඩෑඩ් ඩෙල් රොසාරියෝ සහ ලා ටාටාකෝවා ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ විද්‍යාඥයින් විසින්, පෙර නොදන්නා නව කුලයකට සහ විශේෂයකට අයත්, ආසන්න වශයෙන් වසර මිලියන 13 ක් පමණ පැරණි කැස්බෑ පොසිලයක් වන “Shakiremys colombiana” සොයා ගැනීම මෙලෙස නිවේදනය කරන ලදී.

මධ්‍යම Miocene යුගයේදී කලාපයේ වාසය කළ මෙම උරගයා, ව්‍යාපෘතියේ ප්‍රධාන පර්යේෂකයෙකු වූ පාෂාණ විද්‍යාඥ එඩ්වින් කැඩෙනා විසින්, සුප්‍රසිද්ධ කොලොම්බියානු ගායිකා ෂකිරාට ගෞරවයක් වශයෙන් නම් කරන ලදී.

මෙම සොයාගැනීම සිදු වූයේ පොහොසත් පාෂාණ විද්‍යාත්මක වාර්තා සඳහා ප්‍රසිද්ධියක් උසුලන ටාටකෝවා කාන්තාරයේ ප්‍රදේශයක විලාවීජා නගර සභාව කේන්ද්‍රගතවය.

කැඩෙනා විසින් මෙහෙයවන ලද සහ ලා ටාටකෝවා ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ තරුණ විද්‍යාඥයින්ගේ සහාය ඇතිව සිදු කරන ලද මෙම ව්‍යාපෘතියට සති ගණනක් සූක්ෂම කැණීම් සිදු කිරීමට විය. පොසිල ද්‍රව්‍යවල වයස සහ බිඳෙන සුළු බව සැලකිල්ලට ගෙන, එහි සංරක්ෂණය සහතික කිරීම සඳහා කණ්ඩායම සියුම් නිස්සාරණ ශිල්පීය ක්‍රම ද ඒ සඳහා භාවිතා කළ බව සඳහන් ය.

පර්යේෂකයන් මෙම පොසිලය අද්විතීය ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ සහිත කලින් වාර්තා නොකළ විශේෂයක් බව ද සැල කර සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...