උද්ධමනය තවත් ඉහළට!

0
286

දෙසැම්බර් මාසයේ දී මෙරට උද්ධමනය සියයට 12.1 දක්වා ඉහළ ගොස් තිබේ.

නොවැම්බර් මාසයේදී එය පැවතියේ සියයට 9.9 ක මට්ටමේ වන අතර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ වත්මන් උද්ධමනය සදහා ප්‍රධාන වශයෙන් සැපයුම් අංශයේ සාධක බලපා ඇති බවයි.

උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයේ පැවති සියයට 17.5 හි සිට දෙසැම්බර් මාසයේ දී සියයට 22.1 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩය සියයට 6.4 හි සිට දෙසැම්බර් මාසයේ දී සියයට 7.5 දක්වා ඉහළ ගොස් තිබේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here