වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ ක්‍රියාවලිය හරහා ශාඛා සියල්ලම ජාලගත කර තනි බැංකු පද්ධතියක් බවට පත් කිරීමේ වැඩපිළිවෙල ලබන වසරේ ක්‍රියාත්මක කරන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යා මහාචාර්ය උපාලි පන්නිල මහතා ඊයේ (31) මාධ්‍ය වෙත පැවසුවේය.

ඊට අදාළව අමාත්‍යවරයා සහ සමෘද්ධි බැංකු වෘත්තීය සමිති අතර අද සාකච්ජාවක්ද පැවැත්විය.

ඩිජිටල්කරණය හරහා ජාත්‍යන්තරව පිළිගත් බැංකුවක් බවට සමෘද්ධි බැංකුව පත්කළ හැකි අතර එමඟින් වංචා, දුෂණ වැලැක්වෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එම බැංකු ශාඛා ජාලගත නොවී වෙන වෙනම පැවතීම හේතුවෙන්ම වෘත්තීය සමිති විසින් රු. මිලියන 20,000ක පමණ පාඩුවක් පසුගිය සමයන්හිදී සිදුකර ඇති බවද මේ වන විට අනාවරණය වී තිබේ.

පසුගිය වසරක කාලය තුළ ඉතා හොඳ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් පැවතීම නිසා රටේ ආර්ථිකය ස්ථාවර කරගැනීමට හැකි වූ අතර එළඹෙන වසර තුළ වැඩි වැඩියෙන් ජනතාව වෙත ප්‍රතිලාභ ලබා දෙමින් මැදි කාලීනව 5%ක සහ දිගු කාලීනව 7%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂාවෙන් රජය ඉදිරියට යාමට බලාපොරොත්තු වෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ගෙවුණු වසරක කාලය තුළ භාණ්ඩාගාරයට ආදායම් ලැබෙන ප්‍රධාන ආයතන ඉලක්ක අභිබවා ජයග්‍රහණය කිරීමට හැකිවූ හෙයින් ජනතාවට අතිරේක බදු බරක් පැටවීමේ අවශ්‍යතාවක් නොවුණු බවද අමාත්‍යවරයා පැහැදිලි කරන ලදී.

ප්‍රධාන කොටම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන ඉලක්ක අභිබවා ආදායම් ඉපයීමට හැකි වූ බව පන්නිල මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව දේශීය වශයෙන් ශක්තිමත් වීමත්, සාර්ථකව ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමත්, ආදායම් වැඩිකරගැනීමත් රජයක් ලෙස සාර්ථකව සිදුකළ බව ඔහු තවදුරටත් කියා සිටියේය.

එමෙන්ම ඩොලර් බිලියනයකට ආසන්න විදේශ ආයෝජන කැඳවා ගැනීමටද හැකි වූ බව අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

දිට්වා සුළි කුණාටුවෙන් ආර්ථික ක්‍රියාවලියට බලපෑමක් වුවද ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ජනතාවට අනවශ්‍ය බදු පටවිමකින් තොරව විශාල සහන ප්‍රමාණයක් ලබා දීමටද හැකි වූ බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ආණ්ඩුව වැටෙන තෙක් බලා සිටින විපක්ෂය ගැනද අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වා සිටියේය.

”විපක්ෂය හැමදාම සිහිනා දකිනවා. විපක්ෂය කියන්නේ මේ රට මෙතෙක් කල් පාලනය කල අය. ජනතාවත් මැරිලා ඉපදිලා නෑ. පහුගිය අවුරුදු 76ක ඔය විපක්ෂය තමයි මාරුවෙන් මාරුවට මේ රට පාලනය කලේ. වංචා කරලා දුෂණය කරලා රටේ ආර්ථිකය බංකොලොත් කරපු අය. ඒ ගැන ජනතාව හොඳ අවබෝධයෙන් ඉන්නේ.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...