*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ක්‍රීඩාවේ 2023…

අද ජනවාරි පළමු වෙනිදා.අවුරුද්දෙ ඉස්සරහට හොඳක්ම වෙන්න කියලා හැම දේකටම පතනවා වගේ ලංකාවෙ ක්‍රීඩා කේෂ්ත්‍රයේ ඉන්න හැමෝටමත් මේ අවුරුද්ද හොඳ එකක් වෙන්න කියලා අපි සුබ පතමු.ඒත් ක්‍රීඩකයෙක් කියන්නෙ කවුද කියලා ඇහැව්වොත් මනුස්සෙක්ට කියන්න හොඳම ආදර්ශයක් ලෝකය අපේ ඇස් ඉස්සරහ තියලා තියෙන මොහොතකයි මේ අවුරුද්දට එබිකම් කරන්නෙ.ඒ ආදර්ශයට අනුව ගත්තොත් ක්‍රීඩකයෙක් කියන්නෙ රටක්.
රටක ඉන්න හැමෝම එකිනෙකා වැළඳගෙන එකිනෙකාට සුබ පතා ගන්න එක ජනවාරි පළමු වැනිදට ලෝකයෙ කොයි රටක ගත්තත් පුදුම දෙයක්.රටකට ජනවාරි පළමු වැනිදා කියන්නෙ හරි සතුටු දවසක්.උද්යෝගය දකින්න තියෙන ආදරය දැනෙන්න පේන මේ සතුටු දවසේ මේ අවුරුද්දෙ පළමු වැනිදා තමන්ගේ රටේ නිල ශෝක දිනයක් ප්‍රකාශ කරන්න පුළුවන් රටක් ඉන්නවා.ඒ තරම් ලෝකයට වෙනස් කණපිට තීරණයක් ගන්න ඒ රට තීරණය කරන්න රටක් වටින මනුස්සෙක් නිසා.ඒ මනුස්සය ක්‍රීඩකයෙක්.නමින් මුළු ලෝකයම ගරු කරන පෙලේ.
පෙලේ මේ කප තිබෙන තුරු ප්ලේ.ඒක ඇත්තක්.රටකට එවැනි ක්‍රීඩකයෙක් හදන්න අමාරුයි.ඒක හරි විශේෂයි.ක්‍රීඩකයට රටක් අස්සෙ ඒක තියාගන්න අමාරුයි.මොකද එහෙම ආදරයක්,ගෞරවයක්,පිළිගැනීමක් මනුස්සෙක්ට හරි බරයි.ඒ බර උස්ස ගත්තම පාලනය කරගන්න බැරුව වැටෙනවා.නමුත් පෙලේ කියන්නෙ ඒ බර බ්‍රසීලය පුරා පමණක් නොවේ ලෝකය පුරාම බෙදූ මනුස්සෙක්.
වර්ථමාන පාපන්දු තරුත් සමඟ වුව ඔහු කොයි තරම් සමීපව කටයුතු කර තිබෙනවද කියන කාරණය ඔවුන් ඒ සම්බන්ධයෙන් කියන කතා ඇහැව්වම හරිම පැහැදිළියි.ඔහු තමන්ගේ හැකියාවෙන් ලැබුණ දීප්තිය හිස වටේ රැස් වළල්ලක් විදිහට පටලවා ගත්ත කෙනෙක් නෙමෙයි.ඔහු හරියට ඩයිනමෝවක් වගේ වුණා.බ්‍රසීලයේ පාපන්දු තරුවලට පමණක් නොවේ ලෝකයේ පාපන්දු තරුවලට ද ඔහු ඒ ඩයිනමෝව හරහා ආලෝකය දුන්නා.අපූර්වත්වයේ ක්‍රීඩා හැකියාවේ අත්දැකීම් සහ ඒ වෙනුවෙන් කළයුතු පුහුණු ක්‍රියාකාරකම් මෙන්ම නිහතමානී හැසිරීමත් පෙලේ ලෝකයට කියා දුන්නෙ පල හැදෙන ගහ අත් ඉති නමා බිමට එය බෙදා දෙන්නට සූදානම් වන ආකාරයකින්.ඔහුට තමන්ට ලැබුණ කීර්තිය,ධනය කළමණාකරනය කරගෙන ඉන්න හැටි ගැන ඉවක් තිබුණා.රටේ පුරවැසියෙක් විදිහට ඒ රටට ඉහළම දේ දෙන්න ඔහුට හැකි වුණාට ඔහු පුරවැසියෙක් විදිහට ඒ වෙනුවෙන් රටම තමන්ව නොනවත්වා රැක බලාගත යුතු බව හිතුවෙ නැහැ.ඒ නිසාම ඉල්ලා හිටිනවට වඩා බොහොම ගෞරව සම්පන්නව ඔහුත් රටත් අතර බොහොම ආදරණීය ගණු දෙනුවක් වුණා.
තරුවක් හැටියට මිනිස්සුන්ට බලා ඉන්න පුළුවන් මිනිසෙක් වීමේ නිහතමානිකම ඔහුට තිබුණා.එසේම දියුණු ක්‍රීඩාලෝලීත්වයක් ඔහු වටේ තිබුණා.පෙලේ අපේ ධනයක්,අපේ රටේ වියදමෙන් හැදුණ පුරවැසියෙක් ඒ නිසා අපිට ඕන විදිහට ඔහු ජීවත් විය යුතුයි කියන අමනෝඥ හැඟීම සහිත මිනිස්සු කණ්ඩායමක් පෙලේගෙ ක්‍රීඩාලෝලීන් වුණේ නැහැ.පරාජයකදී උද්යෝගය උද්වේගකර වී නැවත ක්ෂණයෙන් වෙනස වෙන ඒ මිනිස්සු පෙලේ තමන් හදාගත්තු සදාචාරසම්පන්න රාමුව අස්සෙ සතෙක් වගෙ කූඩු වෙලා ඉන්නවා බලන්න ආස කළෙත් නැහැ ඒ මිනිස්සුන්ට එහෙම පටු ඕනිකමක් තිබුණෙත් නැහැ.ඒ නිසා පෙලේ ට තුන්වරක් විවාහ වෙන්න වීම රටේ ක්‍රීඩාවේ ප්‍රශ්නයක් නෙමෙයි පෙලේගෙ පෞද්ගලික උවමනාවක් විදිහට තේරුම්ගත්ත මිනිස්සු හිටියා.පෙලේට තමන්ගෙ බිරිඳ තෝරා දෙන්න,කන බොන හැටි තෝර දෙන්න,අඳින පළදින කියන වචන රාමු කරල බලන්න මිනිස්සු හිටියෙ නැති නිසා ඔහුගේ වීරත්වය මිනිස්සු තුළ තියලා පෙලේ නිදහස් මනුස්සෙක් හැටියට බ්‍රසීලයෙ ජීවත් වුණා.ඇත්තටම වැජඹුණා.
ඉතිං ක්‍රීඩාව ඇතුළෙ ලෝකය හරි විශාලයි වගෙම හරිම සරලයි.එකිනෙකා තමන්ට පැවරී තිබෙන භූමිකාව අවංකව කරන රටක් වෙන්න පුළුවන්නම් ක්‍රීඩකයො පමණක් නොවෙයි,ක්‍රීඩාලෝලියාටත් වගකීමක් තියෙනවා.මේ සටහන තබන මාධ්‍යවේදීයෙක් වන මටත් තියෙනවා.ක්‍රීඩාව ඇතුළෙ කළයුත්ත එකනෙකාට රාමු කරල දීලා නැහැ.හැබැයි අනෙකාගෙ වගකීම,යුතුකම සහ ජීවිතය කියන දේ ඉන් පිටත සිටින කෙනා රාමුවක් සේ දැක ඒ රාමුව අස්සට රිංගන්නෙ නැතුව ඉන්න එක වැදගත්.නමුත් ලංකාවෙ ක්‍රීඩාව එහෙමද?කොහොමද ඉස්සරහට අරගෙන යන්නෙ.ජාත්‍යන්තර මට්ටමට වෙනස් කරන්න ඕනි කොහොමද කියලා ක්‍රීඩාව ගැන ඒ මොහොතෙ තියෙන ආණ්ඩුවෙන් ඇහැව්වොත් ආණ්ඩුවට ඕනි විදිහට.ආණ්ඩුවෙ අය කැමති අය ඒක පාලනය කරන්න ඊන්න ඕනි.අකමැති අය යන්න ඕනි.ඒ උවමනාවන් නීති කරලා මේ පොළවෙ එලන වැඩේට කියන්නෙ ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් නව නිති සම්පාදනය කියලා.ලෝකෙ මට්ටමට හිතන්න බැරි හැඩ ගැහෙන්න බැරි ක්‍රීඩාවකට ලෝකය දිනන්න බැහැ.කොහෙන් හරි මහන්සියෙන් රටක්ට ගිහිං,ඒ මහා පොළවෙන් දෝතක් අරගෙන උපන් රටට කීර්තිය ගේන එකාට සැප සම්පත් ගරු නම්බු දිය යුතුයි.හැබැයි වැදගත් ඌ ඉන්නෙ කොහෙද කියන එක බලලා ඒ පොළවෙ හැඩේ තේරුම් අරගෙන දක්ෂයාට නිසි පිළිගැනීම,අගයකීරීම ඉඩ දීම නොවන්නට අපට ඒ ක්‍රීඩකයා නැහැ කියන දේ තේරුම් ගැනීම.ඒකම තේරෙන්නෙ නැතුව,ක්‍රීඩාවට ඕනි විදිහට නැතුව තමන්ට ඕනි විදහට ක්‍රීඩාව හදන්න හිතන ඇමතිවරු සහ පිරිවරකගේ අනුහසින් අපි මේ අවුරුද්දෙන් ක්‍රීඩාව ලෝකය දිනනකම් බලා ඉම්මු.එක මොහොතකට සාපෙක්ෂව කුමන හෝ දක්ෂතාවයක් දැක් වූ විට ක්‍රීඩාවට අනේක විධ බාධාක අඩුපාඩු මැද කැපවුණ ක්‍රීඩිකාවො පුහුණුකාරියන්ට වඩා මේ දේශපාලනය ඇතුළෙ ක්‍රීඩාව පරිපාලනය සඳහා ඇමති කැමති කෙනෙක් වෙන කොන්දෙසිය සපුරන්න ඇමති කිවිව වචනෙ නොවෙන් අපි පරාදයි කියන දේ කියන්න පුරුදු වෙමු.
දැන් තියෙන්නෙ මේ හැඩය.ඒ සමඟ යන නඩය සමඟ අතරින් පතර මතුවන රැලිවල උඩ වීසි වුණාම හුරේ කියලා කෑ ගැහැව්වට ආයෙ රැලල පාත් වෙනවා.රැලිවල උඩ පහළ යන එක නවත්තලා ලෝකයේ ක්‍රීඩාව තියෙන තැන කල්පනා කරලා ඒ විදිහට සංශෝධනය කරන ජාත්‍යන්තරය එක්ක සමතලයක ඉඳගන්න හිතන ක්‍රීඩා පරිපාලනයකට 2023 අවුරුද්දෙ උත්සාහ කරමුද? ක්‍රීඩාව සහ ක්‍රීඩකයා ලෝකය සමාන වෙන්න එහෙම හැඩේක පරිපාලන රටාවක් රටේ ක්‍රීඩාවට තිබිය යුතුයි.ඒක වෙන්නෙ කොහොමද?
ක්‍රීඩා කරපු අය ඒ තැන්වල ඉන්න ඕනි.ඒක හරි හැබැයි ටිකයි.ක්‍රීඩා පරිපාලනය දන්න අය එතැන ඉන්න ඕනි.ඒ සම්බන්ධයෙන් ක්‍රීඩාව සමඟ නොවැටී යන ඉහළ අධ්‍යාපනය රැකෙන ප්‍රතිපත්තිමය වැඩක් හැඳෙන තැනකට රට යා යුතුයි.බස් එක වේගෙන් තල්ලු කරන්න පුළුවන් කෙනාට බස් එක ධාවනය කරන්න බැහැ.ඒ සඳහා අවශ්‍යය බලපත්‍රය…..
හරියටම තමන්ගේ සීමාවන් දැනගෙන,ක්‍රීඩාව ඉලක්කයට අරගෙන යන්න මහන්සි වෙන රටකට මේ අවුරුද්දෙ යන්න අපි උත්සාහ කළොත් ඒ රටට ලෝකයට යන්න දොරටු හයි කරගන්න එක අමාරු වෙන එකක් නැහැ.
කොළයක ලස්සන සිතුවමක් ඇන්දම අපි ඔහුට චිත්‍ර ශිල්පියා කියනවද?
ඒක එහෙම වෙන්න බැරි වුණාට අපි එහෙම හිතනවා.එහෙම හිතන මිනිස්සු තීරණ ගත්තම හොඳ චිත්‍ර අඳින අය හැඳුණට ශිල්පියො හැඳෙන්නෙ නැහැ.ලංකාවෙ වෘත්තීයමය නැත්තෙ ඇයි කියන එක එතැන ඉදලා හිතන්න වෙනවා.වාහනයක් අරගෙන ගෙයක් දොරක් හදාගෙන ඉන්නෙ මම ස්පෝර්ට්ස් කරපු නිසා තමයි කියන අය, එයින් හිතන්නෙ තමන් වෘත්තියමය තනතුරක් ක්‍රීඩාවක දරන බව ද කියන එක එවැනි අය තමන්ගෙන් ප්‍රශ්න කරගන්න පටන්ගන්න වෙනවා.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan