ජී.එල් එක්ක ඩිලානුත් සමඟියට!

Date:

කොළඹ LNW: දකුණු පළාත් හිටපු මහඇමති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා අද (01) දින සමඟි ජන බලවේගය හා එක්ව තිබුණි.

සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී අද නිල වශයෙන් ඔහු සිය නව දේශපාලන ගමන ආරම්භ අකර තිබෙන අතර අම්බලන්ගොඩ ප්‍රධාන ආසන සංවිධායක ධූරය ද සමඟිනි.

ඒ අනුව මෙම දේශපාලන වෙනස් වීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා විපක්ෂ නායක කාර්යාලයේ අද (01) පෙරවරුවේ මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණි.

ඊට ඩලස් අලහප්පෙරුම මහතාගේ ”නිදහස” ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී.එල්.පීරිස් සහ ඩිලාන් පෙරේරා මහතාද එක්ව සිටියේය.

ඒ අනුව අද සිට ඔවුන් නිල වශයෙන් සමඟි ජන බලවේගය සමඟ දේශපාලන කටයුතුවල නියැලෙනු ඇති.

මෙම වසර මැතිවරණ වසරක් වන හෙයින් ආරම්භක දිනයේ සිටම දේශපාලන පිටිය රත්වෙමින් තිබෙන අතර ඉදිරියේදී තව බොහෝ වෙනස්කම් අත්දකින්නට ලැබෙනු ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...