සටහන – රුවන් නෙළුගොල්ල
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ( NEDA ) නව සභාපතිවරයා ලෙස ලක්ෂ්මන් අබේසේකර මහතා පත්කර තිබේ.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය ලක්ෂ්මන් අබේසේකර මහතා වෙත පිරිනමා ඇත.
පුද්ගලික අංශය හා රාජ්‍ය අංශය යන දෙකෙහිම වසර 35කට අධික කළමනාකරණ අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන අබේසේකර මහතා, වරලත් ගණකාධිකාරීවරයෙකු ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් කළමනාකරණ ආයතනයෙන් කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගත් අයෙකි.