ඉල්ලා අස්වෙනවාද ? – අගමැති මහින්දගෙන් ප්‍රකාශයක් !

Date:

වත්මන් පාලනය යටතේ ජනතාවට ලබා දී ඇති ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඇතැම් පුද්ගලයන් අයුතු ලෙස භාවිතා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කෙසේ නමුත් එවැනි කඩාකප්පල්කාරීන් පතුරුවන අසත්‍ය ප්‍රචාර පිළිගැනීමට රටේ බහුතර බුද්ධිමත් ජනතාව සූදානම් නොමැති බවයි අගමැතිවරයා සඳහන් කරන්නේ.

ලබා දී ඇති ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අයුතු ලෙස භාවිතා කිරීම සාධාරණ නොවන බවද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍ය ධුරයේ සමු ගැනීමට තමා තීරණය කර ඇතැයි පැතිරෙන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව පෙන්වා දෙන අගමැතිවරයා සඳහන් කරන්නේ අගමැති ධුරයෙන් විශ්‍රාම යාමේ කිසිදු අදහසක් නොමැති බවයි. බහුතර ජනතාවගේ කැමැත්තෙන් ලබාගත් තනතුරු අතහැරීමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද ඔහු පවසනවා.

බැසිල් රාජපක්ෂ මහතා සිය ඇමරිකානු සංචාරය නිමවා යළි පැමිණීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් සමු ගන්නා බවත්, බැසිල් රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බවත් වාර්තා වී තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ Facebook, X අවකාශය සහ Youtube අක්‍රිය කෙරේ!

කොළඹ LNW:නේපාල රජය නිකුත් කර ඇති සමාජ මාධ්‍ය ජාලා...

භූමිකම්පාවෙන් පසු ඇෆ්ගනිස්ථානයට ඉදිරියේදී කුමක් සිදුවේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): විනාශකාරී භූමිකම්පාවක් ඇෆ්ගනිස්ථානයේ...

වායු දුෂණය ඩිමෙන්ශියා රෝගයට හේතු විය හැකි බව පර්යේෂණ මඟින් සොයා ගැනේ,

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වායු දුෂණය...

ලොවම බලා සිටි චීනයේ හා උතුරු කොරියා නායකයින්ගේ හමුව!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං සහ උතුරු කොරියානු නායක...