ඩීසල් පෙට්‍රල් නැව් ආවත් බාන්න ඩොලර් නෑ – සජබ වෘත්තීය සමිති කැඳවුම්කරු

Date:

ඩීසල් සහ පෙට්‍රල් අඩංගු නෞකා දෙකක් දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාව ආසන්න සාගර කලාපය වෙත පැමිණ ඇති නමුත් මේ දක්වා එම නෞකාවල තිබෙන ඉන්ධන ගොඩබෑමට තෙල් සංස්ථාවට නොහැකි වී ඇති බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා. ඩොලර් අර්බුදය ඒ සඳහා බලපා ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නෞකා දෙකෙහි අඩංගු ඉන්ධන ගොඩබෑම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 52 ක මුදලක් අවශ්‍ය වී ඇති බවත් කෙසේ නමුත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට එම මුදල් තවමත් නිදහස් කර නොමැති බවත් ආනන්ද පාලිත මහතා පවසනවා. මෙම තත්වය හමුවේ ඉදිරියේදී ඉන්ධන හිගයක් ඇතිවීමට ඉඩ තිබෙන බවට ඔහු අනතුරු අඟවා සිටී.

බොරතෙල් නොමැතිවීම හේතුවෙන් මේ වනවිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා ඇති අතර තෙල් පිරිපහදුව නැවත විවෘත වන්නේ ජනවාරි අග භාගයේදීය. තෙල් පිරිපහදුව වසා දැමීම නිසා සමස්ත ඉන්ධන අවශ්‍යතාවය සඳහා පිරිපහදු කළ ඉන්ධන ආනයනය කිරීමට තෙල් සංස්ථාවට සිදුව තිබේ.

මෙම නෞකා දෙකේ අඩංගු ඉන්ධන ගොඩබෑමට නොහැකි වුවහොත් ගෑස්, සහල්, කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ පෝලිම්වල කල්ගෙවන ජනතාවට ඉන්ධන හිගයකට මුහුණදීමටද සිදුවනු ඇති බව ආනන්ද පාලිත මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : මෙරට සංචාරයක නිරත...

ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!

කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...