ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW:

ජනවාරි 15 වන දා සිට පෙබරවාරි 6 වන දා දක්වා සිම්බාබ්වේ සහ නැමීබියාවේ පැවත්වෙන අවුරුදු 19 න් පහළ පිරිමි ලෝක කුසලාන තරගාවලියට 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව ගියා.ශ්‍රී ලංකා ක්‍රිකට් හී පැවති කෙටි උත්සවයකදී ආගමික ආශිර්වාදය ලබා ගත් කණ්ඩායමේ නායකත්වය කොළඹ රාජකීය විද්‍යාලයේ විමත් දින්සරට හිමිව තිබෙනවා.


ආසියානු අවුරුදු 19 න් පහළ තරගාවලියට සහභාගි වුණ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම මෙම ලෝක කුසලාන තරගාවලියේදි සිය ස්ථානය අහිමි වී ඇති අතර නම් කරන ලද කණ්ඩායමේ තිදෙනෙකුය මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කිරිම කැපී පෙනෙනවා.


තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයින් සහ ඔවුන් අයත් පාසල් පහතින් දක්වා තිබෙනවා.
01 විමත් දින්සර – නායක රාජකීය විද්‍යාලය, කොළඹ
02 කවිජ ගමගේ – උප නායක කිංග්ස්වුඩ්, මහනුවර
03 දීමන්ත මහවිතාන ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
04 විරාන් චමුදිත ශාන්ත සර්වේශස් විද්‍යාලය, මාතර
05 දුල්නිත් සිගේරා මහානාම විද්‍යාලය, කොළඹ
06 චාමික හීන්ටිගල මහානාම විද්‍යාලය, කොළඹ
07 ඇඩම් හිල්මි ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
08 චමරිඳු නෙත්සර ශාන්ත සර්වේශස් විද්‍යාලය, මාතර
09 සෙත්මික සෙනෙවිරත්න ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
10 කුගතස් මාතුලන් ශාන්ත ජෝන් විද්‍යාලය, යාපනය
11 රසිත් නිම්සර ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලය, වත්තල
12 විග්නේෂ්වරන් ආකාෂ් ශාන්ත ජෝශප් විද්‍යාලය, මරදාන
13 ජීවන්ත ශ්‍රීරාම් වෙස්ලි විද්‍යාලය, කොළඹ
14 සෙනුජ වැකුණගොඩ ශාන්ත ජෝශප් විද්‍යාලය, මරදාන
15 මලින්ත සිල්වා ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, මොරටුව

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චිචිගේ රොකට් එක කඩන් වැටුණා වගේ තමයි නාමල්ගේ එයාර්බස් එකත් පැලවත්තට කඩන් වැටෙන්නේ – පොහොට්ටු මහලේකම්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:චිචිගේ රොකට් එක පැලවත්ත කාර්යාලයට කඩන් වැටුණ...

කළු ගඟ ද්‍රෝණියේ සහ ගිං ගඟ ද්‍රෝණියේ ගංවතුර අවදානම් නිවේදන දීර්ඝ කරයි.

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පවතින වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් කළු ගඟ...