පච්ච ගෑ ක්රිස්තු විත් හිටියා
ත්රස්ත පනතට එරෙහි සටනේ
පුස් නොකෑ කුරුසියක් තිබුණා
ගෙජ්ජි හඬ රිරිද්දවන සිහිනේ
පරපුරක් දිවි පිදුව පනතේ
ගෙජ්ජි හඬ සීනු හඬ පැටලේ
හැඟුම් විරහිත සිරස් කුහරේ
ලැජ්ජ නැති රතු තොප්පි ඇමිණේ
මාලිමා පලන්දනු කුමටා
කල්පනා අහිමි වුණු පපුවේ
මඟ හොයා ගනු නොහැකි බිමෙකා
ගොල්ගොතා-වම නොවෙද උරුමේ
~ මංජුල වෙඩිවර්ධන
(ඡායාරූප ෂෙහාන් ගුණසේකරගේ ෆේස්බුක් පිටුවෙනි)


