*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ලාංකීය ජනමාධ්‍ය භාවිතාව සහ අයිස් නාඩගම

පසුගිය දිනවල ලංකාවේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකා දෙකක “අයිස්” මත්ද්‍රව්‍ය පිළිඹඳ ප්‍රවෘත්තිය එකිනෙකා සමඟ තරඟයට මෙන් විකාශනය කරන්නට විය. එහිදී ප්‍රවෘත්තිය විකුණා ගැනීම සඳහා එයට අනවශ්‍ය අතිශොක්තියක් එකතු කිරීමට යාම නිසා අවසානයේ අයිස් පිළිබඳ පුවත විහිළුවක් බවට පත්වී අවසන් විය.

මෙහිදී බොහෝවිට සිදුවූයේ සැබෑ ප්‍රවෘත්තියක් උවද එය ඉදිරිපත් කල නාලිකාවල්වල ඉතිහාස කැරට්ටුව නිස ප්‍රවෘතියේ විශ්වාසනීයත්වය කිසිවෙකු හෝ මායිම් නොකරන තත්වයට පත්වීමය.

ලංකාවේ විද්‍යුත් මාධ්‍යයන්ගේ ඉතිහාසය ගත්කල අනූව දශකයේ පෞත්ගලික මාධ්‍යය කරළියට එන තෙක්ම විද්‍යුත් මධ්‍යයේ තනි අධිකාරීත්වය හිමිව තිබුනේ රාජ්‍යය යාන්ත්‍රනය අතය. එහිදී එකී රාජ්‍ය මාධ්‍ය පැවති ආන්ඩුවල හොරනෑවල් වූවා මිසක පොදු ජනයාට සත්‍ය සන්නිවේදන කරන ජනමාධ්‍යක් වූයේ නැත. ඒ තත්වය තුල පැවතුන ආන්ඩුවලට අවාසි සහගත ප්‍රවෘති කිසිවක් මිනිසුන්ට දැන ගැනීමේ ක්‍රම වේදයක් එදා තිබුනේ නැත. එසේම මේ රාජ්‍ය මාධ්‍යය නීරස, ඒකාකාරී ආකෘතියක් තුල දිගටම සිරව තිබින.

කෙසේ හෝ අනූව දශකයේ මුල සිට මේ තත්වය ක්‍රමයෙන් වෙනස්වන්නට ගත්තේ “සිරස” මාධ්‍ය ජාලය විසින් විද්‍යුත් මාධ්‍යය වෙළඳපොල කරණයට ලක්කිරීමත් සමඟය. මෙහිදී එක් පැත්තකින් මාධ්‍ය අධිකාරිය සම්බන්ද රජයට තිබූ තනි ඒකාධිකාරිය බිඳවැටුන අතර අනෙක් පැත්තෙන් මාධ්‍යකරණය වෙළඳපොල බාන්ඩයක් බවට පත්විය.

වෙළඳපොල බාන්ඩයක ලාබය රැඳී ඇත්තේ වෙළඳපොල තුල තරඟකාරීත්වයක් ලබාදීමෙනි. එබැවින් සිරසට රාජ්‍ය මාධ්‍ය අබිබවා යෑම සඳහා නව ගෝළීය මාධ්‍ය බාවිතාවන් කරා යමින් යම් ජනප්‍රියවාදී තැනකට යාමට සිදුවිය.

නමුත් සිරස මාධ්‍යය ජාලයේ අයිතිය සතුවූ පුත්ගලයා කිලී මහරාජා වීම නිසාම (සුළු ජනවාර්ගයකට අයත්වූ පුත්ගලයෙකු වූ නිසා) සිරස පසුව පැමිණි හිරු දෙරණ මෙන් වර්ගවාදය අලෙවි කලේ නැත. එහිදී දකුණේ පාලකයන් විසින් දියත් කල දෙමළ ජනවර්ගයට එරෙහි යුද්ධයේදී සිරස යම් අපක්ෂපාතී මාධ්‍ය මෙහෙවරක් ඉටුකලේය.

එයට වන්දිය ලෙස “සිරස” ට කොටි සිරස යනුවෙන් නමක්ද පට බැඳින. තවත් අවස්තාවක රාජපක්ෂ රෙජීම් එක බලවත්ව තිබූ එක් අවස්තාවක සිරස ආයතනය ධරුණු බොම්බ ප්‍රහාරයකටද ලක්විය. විශේෂයෙන් එහිදී ජ.වි.පෙ. සහ හෙල උරුමය වැනි ජාති(ක)වාදී ව්‍යාපාර විසින් ගෙනගිය සිරස විරෝධී ප්‍රචාරණය හේතුකොට ගෙන සිරස ආයාතනය එක් මොහොතක ජනප්‍රියතාවය තුල පහල මට්ටමකට ඇද වැටී තිබින.

ජනප්‍රියත්වය ඇදවැටීම යනු අනෙක් පැත්තෙන් ලාබයද බිඳවැටීමකි. නමුත් ඔවුන් මෙතනදි පෞත්ගලික ආයාතනයක් වුවද ඔවුන්ගේ ස්වකීය මාධ්‍ය මෙහෙවර වර්ගවාදී සියළු මාධ්‍ය බාවිතාවන්ට එරෙහිව අකන්ඩව කරගෙන යෑමට ඔවුන්ට හැකිවිය.

ඒ කෙසේ වෙතත් සිරස මාධ්‍ය ආයාතනයේ මාධ්‍ය බාවිතාව සම්බන්දයෙන් බරපතල ලෙස විවේචනය පලකල යුතු කාරනාවන්ද ඇත. එනම් ඔවුන් රටේ දේශපාලන බලයට අත දමමින් එය මෙහෙයවීමට (මරික්කාර් වැනි මාධ්‍යකරුවන් දේශපාලන පක්ෂ හරහා පාර්ලිමේන්තුවට යවමින් ) උත්සාහ කිරීමයි. ඇත්තෙන්ම එය මාධ්‍ය ආයාතනයකට අදාල කාරනාවක් නොවේ.

මෙහිදී මේ තත්වයට විරොධය පලකිරීම හේතුවෙන් ඔවුන් රනිල් සමඟ පෞත්ගලික ගැටුමක්ද ඇතිකර ගත් අතර අනතුරුව ව්‍යාපෘතියක් ලෙසම රනිල්ට පහරදීමේ මෙහෙයුමක් අද දක්වාම ක්‍රියාත්මක කරගෙන යයි.
රනිල් සමඟ ගැටුම් ඇතිකරගන්නවුන් සිරස මාධ්‍ය සාකච්චා වලට ගෙන්වා ගනිමින් රනිල්ට පහර ගැසීම සඳහා ඔවුන්ගේ කටට උත්තර දෙමින් ඔවුන් රැගෙන ගිය පහත් මාධ්‍ය බාවිතාව පසුගිය සමයේ පැහැදිලිව පෙනෙන්නට තිබින.

සිරස ආයතනයට පසුව මාධ්‍ය වෙළඳපොලට පැමිණි හිරු සහ දෙරණ ආයතන අමුවෙන්ම ජාතිවාදය අලෙවිකරණ්නට විය. එහිදී මාධ්‍යකරණය සතු වගකීම වූ ජනතාව ඥානනය කිරීමේ සාරධර්ම කිසිවක් තුට්ටුවකට මායිම් නොකල ඔවුන් ජාතිවාදී අමු කැලෑ ගිනි තැබුවේය. කිසිදු සත්‍ය තාවයක් නැති සාෆි වෛද්‍ය වරයාගේ අරුමපුදුම වඳ සැත්කම් සිද්දිවලට ගෝත්‍ර වාදී කුණු රසයන් එක්කොට අලෙවිකරණයේ යෙදුන හිරු දෙරණ නාලිකා ඒ හරහා හිරිකිත ලෙස ලාබ ගොඩගසා ගත්තේය.

ඒ මොහොතේ ලාංකීය මහපොලොව විසින් ඉල්ලා සිටියේ ජාතිවාදී මාධ්‍යකරණයක් විය හැකිය. නමුත් ඇවිලෙන ගෝත්‍ර ගින්න නිවාදමන වැස්සක් වන්වූ මාධ්‍යකරණයක් නොවී ගෝත්‍ර ගින්නට පිදුරු හෙලන මාධ්‍ය බාවිතාවක් තවත් තිරිසන් නරුම වාදයක් ම මිස වෙන අන් කවරක් වන්නේ කෙසේද ..?

දෙරණ සහ හිරු නාලිකා වලින් පෙන්වූ වඳ සැත්කම් වඳ කොත්තු නාට්‍ය හමුවේ ඇතැම්විට ගොබෙල්ස්ගේ මාධ්‍යකරණය පවා දෙවෙනි වන්නට ඇත.

එපමණක් ද නොව ඔවුන් පසුගිය කොරෝනා සමයේ කැමරා ඔසවාගෙන රෝගීන්ගේ නිවෙස්වල වැසිකිළි හැළිවලං පවා රූගත කරමින් නින්දා සහගත ලෙස මිනිසුන්ගේ පෞත්ගලිකත්වය සුණුවිසුනුකර දැම්මේය.
නුතන මාධ්‍යකරණය යනු වෙළඳපොල ක්‍රියාවලියක් බව සැබැවි. නමුත් ඒ සඳහා අවම සදාචාර නියාමනයක් හෝ තිබිය යුතුය. නමුත් අප රට තුල එවන් නිසි මාධ්‍ය නියාමන නීති නැති හේතුව නිසා ඔවුන් තාමත් සුපුරුදු ජඩ මාධ්‍යකරණයේ යෙදෙයි.

නිසි මාධ්‍ය නියාමන නීති අප රට තුල තිබිනි නම් ඔවුන්ට මේ වනවිට මාධ්‍යයේ යෙදීමට අවස්තාව නොලැබීමට පවා ඉඩ තිබින.

ඇතැම් අවස්තාවල ඔවුන්ට ජනප්‍රියත්වයට හිමි මාධ්‍ය සම්මාන ලැබුන නමුත් ඔවුන් ඒ සම්මාන වල හිමිකරුවන් වූයේ කිසිදු හිරිකිතයක් නොමැතිව ලුම්පන් ගැලරිය ඉල්ලූ මජර මාධ්‍යකරණය සැපයූ නිසාවෙනි. ඇත්තටම එවා විශිෂ්ඨත්වයට ලැබූ සම්මාන නොව අශිෂ්ඨත්වය උදෙසා ලැබුන සම්මානයන්ය.

එසේම රාජපක්ෂවරුන්ගේ බලයේ පැවැත්ම රැඳී තිබුනේ මජර ජාතිවාදයේ පැවැත්ම මතය. එහිදී මේ නාලිකාවන් විසින් රාජපක්ෂලාට අවශ්‍ය කුණුපස සකස්කරදී ඒ වෙනුවෙන් රාජපක්ෂලාගෙන් වරදානද ලබාගත්තේය. ගෝඨා බලයට පත්වූ පසු දුමින්ද සිල්වා ජනාධිපති සමාව හරහා නිදහස් කරගැනීම මේ සඳහා හොඳම උදාහරණයකි.

අවසානයේ අයිස් මත් ද්‍රව්‍ය පුවත නට්‍යානුසාරයෙන් අතිශෝක්තියෙන් පෙන්වීමට ගිය හිරු දෙරණ “අයිස්” ප්‍රවෘත්තිය හාස්‍යයකින් කෙළවර විය. එයට හේතුව “අයිස්” නාඩගම හරහා අයිස් වලින් රට බේරගන්නා රාජපක්ෂ ආගමනයක් ගැන මිනිසුන්ට සැකසිතුන බැවිනි.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan