කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන නිල උද්ධමනය 8.3% දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය අර්බුදයෙන් පසුව ආර්ථිකය ස්ථාවර කිරීමෙන් පසු වාර්තා වන ඉහළම අගයයි.

අපගේ පෙර සටහන් වලද සඳහන් කර ඇති පරිදි, නොවැම්බර් මාසයේදී මෙම අගය තව දුරටත් ඉහළ යා හැකි නමුත් දෙසැම්බර් මාසයේදී යම් අඩු වීමක් අපේක්ෂා කළ හැකියි. කෙසේ වුවද, ඉදිරි වසරේ මුල් අර්ධය තුළද උද්ධමනය පවතිනු ඇත්තේ මහ බැංකුවේ ඉලක්ක මට්ටම වන 5% ඉක්මවන ඉහළ තනි අංකයේ අගයකයි.

නිල උද්ධමනය ලෙස මනිනු ලබන්නේ පසුගිය වසරක කාලය තුළ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ අගය වෙනස් වීමයි. එය ප්‍රතිශතයක් ලෙස ගණනය කරනවා. මේ සඳහා වසරක කාලයක සාමාන්‍ය මිල වැඩි වීම සලකා බලන බැවින් කිසියම් බාහිර කම්පනයක් නිසා මිල මට්ටම ඉහළ ගිය විට එම බලපෑම ඉවත් වීම සඳහාද වසරක පමණ කාලයක් ගත වෙනවා.

මේ සමඟ පළ කරන ප්‍රස්තාරයෙහි පෙන්වා තිබෙන්නේ පසුගිය දෙවසරක කාලය තුළ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස් වීමයි. මැද පෙරදිග යුද තත්ත්වයක් ඇති වී ඉන්ධන මිල ගණන් ඉහළ යාම හේතුවෙන්, මෙම වසරේ පෙබරවාරි සිට මැයි දක්වා කාලය තුළ, මුදල් සැපයුම වැඩි කිරීම හේතුවෙන් සිදුවෙන මිල මට්ටමෙහි සිදු වන සාමාන්‍ය වැඩිවීම ඉක්මවා යන, එකවර සිදු වන විශාල ඉහළ යාමක් සිදු වුනා. එහෙත් පසුගිය ජූනි මාසයේ සිටම මිල මට්ටම ඉහළ යමින් තිබෙන්නේ මහ බැංකුවේ ඉලක්ක මට්ටම හා සැසඳෙන වේගයකිනුයි. එබැවින් වසරක කාලයකින් පසුව සැපයුම් කම්පනයේ තාවකාලික බලපෑම ඉවත් වූ පසුව උද්ධමනය නැවතත් මහ බැංකුවේ ඉලක්ක මට්ටමට පැමිණීමට නියමිතයි.

මහ බැංකුව විසින් ඉදිරි තෙවසරක කාලය තුළද උද්ධමන ඉලක්කය 5% ලෙස පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. එහෙත්, සැපයුම් කම්පන තත්ත්වයකදී උද්ධමනය එම මට්ටම ඉක්මවා ඉහළ යා හැකියි.

~ ඉකොනොමැට්ටා

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...