මේ මොහොතේ පළාත් පාලන මැතිවරණයක් ජනතාවට වුවමනා නෑ – මිහින්තලේ හිමි (VIDEO)

Date:

මේ මොහොතේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් එවන් මැතිවරණයක් පැවැත්වුවහොත් ඡන්දය කටුගා දැමීමට රටේම ජනතාව සූදානම් බවත් මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසයි.

“225 කියලා ඉන්නවානෙ කණ්ඩායමක්. ඔය පක්ෂ කියලා යූඑන්පී, ශ්‍රී ලංකා, ජේවීපී. දැන් ඒවා කඩාගෙන ගිහිල්ලා එක එක මුහුණුවරින් ඉන්නවා. හැබැයි ඉන්නෙ එකම සතානෙ. ඔය එකම සතා තමයි. නමවත් කියන්න කැමති නෑ සමහර පක්ෂවල දැන්. ඉතින් ඒ හින්දා කරපු මැරකම්, ජඩකම්, තක්කඩිකම්, මිනීමැරීම්, බෝම්බ ගැසීම්, දළදා වහන්සේට බෝම්බ ගැසීම් වගේ කරපු විවිධ දේශපාලන කණ්ඩායම් මේ පාර්ලිමේන්තුව තුළ ඉන්නවානෙ. අපට ඔය 225 ම එපා. මම නම් කැමතිම නෑ. අපේ රටේ ජනතාවත් කියන්නෙ ඕන්නෙම නෑ කියලා. මේ රටේ මිනිස්සුන්ට බොරු පොරොන්දු දෙන්න එපා. වංචාව, හොරකම, දූෂණය මොනවද නැත්තෙ තමුන්නාන්සෙලාට ? නැව් තියෙනවා, ප්ලේන් තියෙනවා, පිටරට ගෙවල් තියෙනවා, මිදිවතු ඇපල්වතු තියෙනවා, ඔය ඔක්කොම තියෙනවානෙ. දැන් ඔබතුමාලාට ජයවෙලා තියෙන්නෙ. අපේ රට දිළිඳු රටක් බවට පරිවර්තනය කරලා මේ උපදින්න ඉන්න දරුවා පවා ණයවෙලා තියෙන්නෙ. ප්‍රාදේශීය සභා ඡන්දය තිබ්බා කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සල්ලි හම්බුවෙනවාද ? මුදල් හම්බුවෙන්නෙ නෑ. ඒ හින්දා අපි සමස්ත රටම ප්‍රාදේශීය සභා ඡන්ද තිබ්බොත් කවුරු ආවත්, කොයි පක්ෂයෙන් ආවත් අපි කටුගාන්න සූදානම් ජනතාව. තවත් අවුරුදු 5කට දෙනවා කියන්නෙ මංකොල්ලකාරයොනෙ මේ ? සමස්ත රටේම ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා, පළාත් සභා සහ පාර්ලිමේන්තුව දක්වාම ලයිසන් ගත්ත මංකොල්ලකාරයො ඉන්නෙ”

එහිමියන් මේ බව පැවසුවේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...