බිත්තර ආනයනය කරන්නේද, නැද්ද යන්න සම්බන්ධයෙන් අද (02) කැබිනට් මණ්ඩලයේදී අවධානයට යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.
වෙළඳපොලේ බිත්තර මිල සම්බන්ධයෙන් මාස කිහිපයක් තිස්සේම අර්බුදයක් හටගෙන ඇති අතර විටින්විට බිත්තර හිඟයක් ද ඇතිවෙමින් පවතී.
ඒ අනුව බිත්තර මිල ඉහළයාම පිළිබඳව සහ බිත්තර මිල පාලනය සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව අද කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
RN