උගන්ඩාවේ නව වසර සැමරීම් උළෙලකදී තෙරපීම හේතුවෙන් 9 දෙනෙක් මරුට

උගන්ඩාවේ අගනුවර පිහිටි කම්පාලා හි ෆ්‍රීඩම් සිටි වෙළඳ සංකීර්ණයෙන් පිටත ගිනිකෙළි සංදර්ශනවලින් පසුව, ඇති වූ තෙරපීම හේතුවෙන් පුද්ගලයන් 9 දෙනෙකු මිය ගොස් ඇති බව ජාතික පොලිස් ප්‍රකාශක ලූක් ඕවෝයිසිගියර් මාධ්‍ය වෙත නිවේදනය කර තිබේ.

හුස්ම හිරවීම නිසා එම ස්ථානයේදීම පස් දෙනෙකු මිය ගියහ. මියගිය බොහෝ දෙනා වයස අවුරුදු 10, 11, 14 සහ 20 යන වයස්වල පසුවන බාලවයස්කරුවන් බව ප්‍රාදේශීය පොලිස් ප්‍රකාශකයෙකු වන පැට්‍රික් ඔන්යාන්ගෝ පවසා තිබේ.

සශිකලා මධුෂාණී_