1. ලැබුවා වූ 2023 නව වසර දෙස රටම බලන්නේ, ඉකුත් වසරේ මුහුණ දීමට සිදුවූ අඳුරුතම කාලවලින්, අතිමහත් දුෂ්කරතාවලින්ට මෙන්ම අවිනිශ්චිතභාවයන් සහ සුන් වූ බලාපොරොත්තුවලින් අනතුරුව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.
2. ශ්‍රී ලංකාව තුළ ආසන්න වශයෙන් පුද්ගලයන් 120,000 පමණ හෙරෝයින් මත්ද්‍රව්‍ය භාවිතා කරන බව, ජාතික අන්තරාදායක ඖෂධ පාලන මණ්ඩලයේ සභාපති ශාක්‍ය නානායක්කාර පවසයි – එමෙන්ම, 400,000 කට ආසන්න පිරිසක් කංසා (marijuana) භාවිතා කරන බව ද පවසයි – දුම්වැටි හා මත්පැන් භාවිතා කරන පිරිසෙහි අඩුවීමක් නිරීක්ෂණය කළ හැකි අතර, ‘අයිස්’ ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ ඉහළ යාමක් නිරීක්ෂණය කළ හැකි බව ද පවසයි.
3. නාගරික සංවර්ධන අධිකාරිය විසින් තනන ලද නිවාසකාමර ශ්‍රී ලාංකීය විදෙස් ශ්‍රමිකයන්ට විදෙස් මුදල්වලට විකිණීමේ වැඩපිළිවෙල යටතේ, වියත්පුර නිවාස සංකීරණයේ මධ්‍යම-පාන්තික නිවාස ඒකක 11ක් විකිණීම හරහා එම අධිකාරිය ඇ.ඩො. ලක්ෂ 05 කට අධික මුදලක් උපයා ගැනීමට සමත්වෙයි.
4. ඉහළ දැමූ බදු මඟින් රජයේ මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට රජය අපේක්ෂාකරන බැවින්, නව වසරේදී මහ බැංකුවේ ‘මුදල් මුද්‍රණය’ මත රජය යැපෙන්නේ යැපෙන්නේ නැති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි – ශ්‍රී ලංකාව 2023 වර්ෂයේදී බදු ආදායම ඉහළ නංවා ගැනීමට බදු සියයට 70 කින් ඉහළ දමා ඇත – 2022 අවසාන මාස 09 තුළ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ යටතේ රු. බිලියන 868 ක අතිවිශාල මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර තිබිණි.
5. මොහමඩ් නජිම් මොහමඩ් ඉම්රාන් හෙවත් ‘කන්ජිපානි’ ඉම්රාන් නම් පාතාල සාමාජිකයා, මෙරට අධිකරණයකින් ඇප ලබා ගැනීමෙන් දින කිහිපයක් යන්නට මත්තෙන් ඉන්දියාවේ රාමේස්වරම් වෙත පලා යයි – ‘වෙරළබඩ දිස්ත්‍රික්කවල සෝදිසියෙන් සිටින’ මෙන් තමිල්නාඩු බුද්ධි අංශ අනතුරු අඟවයි.
6. විදුලි බිල ඉහළ දැමීම සහ පැය ගණන් දීර්ඝ විදුලි කප්පාදුවලට එරෙහිව 2023 වර්ෂයේදී දිවයින පුරා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භකරන බව, ලංකා විදුලිබල මණ්ඩල සංගමයේ මහ ලේකම් රන්ජන් ජයලාල් පවසයි.
7. 2023 ජනවාරි 01 දින සිට මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ලෙස ක්ලයිව් ෆොන්සේකා පත්කෙරේ – භාණ්ඩාගාර මෙහෙයුම්වල විශේෂඥ දැනුමක් තිබෙන ප්‍රවීණ බැංකුකරුවකු වන ෆොන්සේකා, දේශීය සහ ගෝලීය බැංකු ක්ෂේත්රයේ වසර 30ක අත්දැකීම් සපිරි පුද්ගලයෙකි.
8. අද දින සිට ක්‍රියාත්මකවන පරිදි නිශ්පාදන මට්ටමේ සෑම බීඩි කොටකටම රු. 02 ක බද්දක් පැනවීමට නියමිත ය – මෙමඟින් අතිරේක රු. බිලියන 03 ක ආදායමක් ලබා ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව අපෙක්ෂා කරයි.
9. එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ නව සන්ධානයක් යටතේ එළඹෙන පළාත් පාලන මැතිවරණය තරඟ වැදීමට ඇති හැකියාව පිළිබඳව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයේ අනෙකුත් මධ්‍යම-වාමාංශික පක්ෂ සමඟ සාකච්ඡා කරමින් සිටින බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි – ඩලස් අලහප්පෙරුම ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ ද සාකච්ඡා කරමින් සිටින බව තහවුරු කරයි.
10. ඉකුත් දින ඉන්දියාවේ චෙන්නායි හි පැවති 44 වන චෙස් ඔලිම්පියාඩ් තරඟාවලියේදී ශ්‍රී ලංකා කාන්තා භක්ති විශාරද සහ භක්ති උපදේශිකා සුනීතා විජේසූරිය ගෞරවයට පාත්‍ර වෙයි – මෙම උත්සවයට සහභාගී වී සිටි ආසියානු රටවල් 48 අතරින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගෞරවයට පාත්‍ර වූ එකම පුද්ගලයා ද ඇය වෙයි.