රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW:
2026 වර්ෂයේදී රජයේ ආධාර මත දිවයින පුරා ඉදිකරන ලද නව නිවාස 3,000ක් ජනතා අයිතියට පත් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව ‘දිට්වා’ ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් නාච්චදූව සහ එප්පාවල ප්‍රදේශවල ඉදිකෙරුණු නව නිවාස 04ක් සඳහා ගෙට ගෙවිදීම නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය, වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) සිදු කෙරිණි.
මෙම ආපදා තත්ත්වයෙන් පූර්ණ හානියට පත් එක් නිවසක් ඉදිකිරීම සඳහා රජය මගින් රුපියල් ලක්ෂ 50ක මූල්‍ය ආධාරයක් පිරිනමා ඇති අතර ප්‍රතිලාභීන්ගේ ද දායකත්වය ඇතිව රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුතුව මෙම සෑම නිවසක්ම ඉදිකර තිබීම විශේෂත්වයකි.

ඒ අනුව නාච්චදූව, පහළවැව, කටුගම්පල ප්‍රදේශයේ පදිංචි සුමේධ සම්පත් මහතා මෙන්ම කටියාව යාය 10, ප්‍රියංකරගම ප්‍රදේශයේ පදිංචි මියුලින් ඥානලතා මහත්මිය, ඊ.එම්. ධනංජනී නෙත්මිනී දිසානායක මහත්මිය සහ ඩබ්ලිව්.ජී. ඉනූෂා උදාරි වික්‍රමසිංහ මහත්මිය යන ප්‍රතිලාභීන්ගේ නව නිවාස වෙත ගෙවිදීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මේ අතර එප්පාවල, මහ ඉලුප්පල්ලම ඉහළගම ප්‍රදේශයේ පදිංචි කේ. ප්‍රේමලතා මහත්මිය වෙනුවෙන් ඉදිකෙරුණු නව නිවසට ගෙවිදීම ද අමාත්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම නිවස සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් පිරිනමන ලද රුපියල් ලක්ෂ 10ක නිවාස ආධාර මුදල යටතේ ඉදිකර තිබේ.

ආපදාවන්ට ලක්වූ ජනතාවගේ ජීවන තත්ත්වය යළි නඟා සිටුවීම සහ සෑම පුරවැසියෙකුටම සුරක්ෂිත නිවසක හිමිකම තහවුරු කිරීම රජයේ ප්රමුඛ අරමුණක් වන අතර මෙම ජාතික නිවාස වැඩසටහන යටතේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ද ඉදිකිරීම් කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කෙරේ.


