රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW:
අනුරාධපුර රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පුද්ගලයින් එකොළොස් දෙනෙකු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිදහස් කර තිබේ.
අධිකරණ නියෝග නොතකා මාරාන්තික උපවාසයක නිරත වීම නිසා පසුගිය නොවැම්බර් 12 වැනි දින මෙම පිරිස නීතියේ රැහැනට හසු විය.
එලෙස රඳවා සිටීමෙන් අනතුරුව, අදාළ පාර්ශ්වය අද දින යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම ඇප නියෝගය නිකුත් කරන ලදී.
ඒ අනුව, නීතිමය ක්‍රියාමාර්ගවලින් පසු සැකකාර හිමියන් ඇතුළු පිරිසට එලෙස ඇප මත මුදා හැරීමට අධිකරණය තීරණය කර ඇත.


