වසර 54කට පසු මිනිසුන් යළි හඳට – වසරේ පළමු උල්කා වැස්ස අද රාත්‍රියේ!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:නව වසරේ මුල්ම උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දක්නට ලැබෙන බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පැවසීය.

එය Quadrantids ලෙස හැදින්වෙන අතර බූට්ස් (Boots) යන තාරකා රාශිය ආශ්‍රිතව පියවි ඇසට දැක ගත හැකි බව ඔහු සඳහන් කළේය.

”මේ තාරුකා රාශිය මුදුන් වෙන්න පටන් ගන්නේ පාන්දර තුනට පමණ. අලුයම තුනේ සිට පාන්දර පහ දක්වා උල්කාපාත වර්ෂාව නැගෙනහිර අහසේ පැහැදිලිව දකින්නට පුළුවන්. මේ කාලය තුළ පැයකට උල්කාපාත අසූවත් සීයත් අතර ප්‍රමාණයක් දකින්නට හැකියාව ලැබෙනවා.මේ උල්කාපාත වර්ෂාව ඇතිවන ආකාරය ගැන අපි කතා කළොත් එතනදි වෙන්නේ යම් ග්‍රාහකයක් හෝ වල්ගා තරුවකින් ඉවත් වෙලා ගිය පදාර්ථ කොටස් පවතින ප්‍රදේශයක් හරහා පෘථිවිය ගමන් කරන විට ඒ පදාර්ථය වායුගෝලය සමඟ ගැටෙනවා. එම ගැටීමේ දී මෙම කොටස් පෘථිවි වායුගෝලය තුළ දැවී විනාශ වී යාම උල්කාපාත මෙවැනි වර්ෂාවක් ලෙස දකින්නට හැකියාව ලැබෙනවා.”

”මේ අවුරුද්දේ මුලින්ම තියෙන උල්කාපාත වර්ෂාව දරුවන්ට හුඟක් වැදගත් වෙයි. මේ පිළිබඳ අවධානය යොමු කරන දරුවන්ට අවුරුද්ද මුලදිම මේ වගේ දෙයක් බලන්න පුළුවන් වීම තුළින් අභ්‍යවකාශ තොරතුරු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න අවස්ථාව සැලසෙනවා. සාමාන්‍යයෙන් උල්කාපාත වර්ෂාවක් අපට පියවි ඇසින් නිරීක්ෂණය කරන්න පුළුවන්. එතැනදී කිසිම ගැටළුවක් ඇතිවෙන්නේ නැහැ. නැවත උල්කාපත වර්ෂාවක් දකින්නට ලැබෙන්නේ ලබන අප්‍රේල් මාසයේදී. සාමාන්‍යයෙන් අපිට වර්ෂයකදී උල්කාපාත වර්ෂා කිහිපයක් දකින්නට ලැබෙනවා.”

මීට අමතරව මෙම වසරේ අභ්‍යවකාශය විද්‍යාව පිළිබඳ කතා කරනවිට නැවතත් චන්ද්‍රයා වෙත මිනිසුන් රැගෙන යාමට බලාපොරොත්තු වන වසරක් වීම විශේෂත්වයක් බවද ගිහාන් වීරසේකර මහතා පැවසීය.

නාසා ආයතනයේ Artemis 2 මෙහෙයුම යටතේ ලබන පෙබරවාරි මාසයේදී මිනිසුන් හතර දෙනෙක් චන්ද්‍රයා වෙත ගෙන ගොස් චන්ද්‍රයා වටේ ගමන් කිරීමක් සිදුවෙන නමුත් චන්ද්‍රයා මතට ගොඩ බැසීමක් ඒ අවස්ථාවේදී සිදු නොවන බවයි ඔහු පැවසුවේ.

අවසන් වරට මිනිසුන් චන්ද්‍රයා මතට ගොස් ඇත්තේ 1972 දෙසැම්බර් මාසයේ වන බවත් අපේ ජීවිත කාලය තුළ සිදුවෙන මෙම සිදුවීම් අභ්‍යාවකාශ විද්‍යාව සම්බන්ධ සුවිශේෂී කරුණක් ලෙස දැක්විය හැකි බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...