රෂිකා හෙන්නායක ජනවාරි 03, කොළඹ LNW :
විදුලි වාහන ලොවේ දැවැන්තයා අමෙරිකාවේ ටෙස්ලා සමාගම අභිබවා, 2025 වසරේ ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට චීනයේ BYD සමාගම පත්ව තිබේ.
ඔවුන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියා වූ BYD සමාගම මෙලෙස ඔවුන් අබිබවා ගොස් ඇත්තේ, ටෙස්ලා සමාගමේ වාහන අලෙවිය අඛණ්ඩව දෙවන වසරටත් පහත වැටීම හේතුවෙන් වන අතර, නවතම වාර්තාවකින් හෙළිව ඇත්තේ, ටෙස්ලා සමාගම 2025 වසරේ දී වාහන මිලියන 1.64ක් අලෙවි කර ඇති අතර, BYD සමාගම එම වාසරේ දී වාහන මිලියන 2.26ක් අලෙවිකර ඇති බවයි.
ඒ අනුව 2024 වසරෙට සාපේක්ෂව 2025 වසරේ දී ටෙස්ලා සමාගමේ වාහන අලෙවි 9%කින් පහත වැටී ඇති බව එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා වේ.


