වෙනිසියුලානු ජනාධිපති සහ බිරිඳ ඇමරිකානු ග්‍රහණයට හසුවෙයි!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අමෙරිකානු හමුදා ‍භාරයට ගෙන ඇතැයි BBC වාර්තා කරයි.

ඇමරිකාවේ ඉහළම ත්‍රස්ත විරෝධී ඒකකයක් වන ඩෙල්ටා බලකාය විසින් වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳව අල්ලා ගෙන ඇති අතර ඔවුන් වෙනිසියුලාවෙන් පිටතට රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි. එහෙත් ඔවුන් රැගෙන ගොස් ඇති ස්ථානයක් ගැන ඇමරිකාව විසින් මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවද දැක්වෙයි.

මෙම අල්ලා ගැනීම පිළිබඳව අමෙරිකානු ජනාධිපතිවරයා සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් මේ බව තහවුරු කර තිබේ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග මත ඇමරිකානු පාර්ශවයෙන් වෙනිසියුලාවට සාර්ථක ප්‍රහාර මාලාවක් එල්ල කර ඔවුන් අඩපණ කිරීමට අද අලුයම කටයුතු කර තිබුණි.

මෙම ප්‍රහාර මාලාවේ ඉලක්කය වී තිබුණේ වෙනිසියුලාවේ කරාකස් අගනුවර පිහිටි හමුදා කඳවුරු කිහිපයකි.

ඇමරිකාව විසින් වෙනිසියුලානු ජනාධිපතිවරයාට එරෙහිව මත්ද්‍රව්‍ය චෝදනා එල්ල කරමින් පැවතියද එම චෝදනාව තහවුරු කිරීම වෙනුවෙන් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ඇමරිකානු ජනාධිපතිවරයා කටයුතු කර නොමැත.

එවැනි පසුබිමක වෙනිසියුලාවද එම මත්ද්‍රව්‍ය චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

කෙසේවෙතත් වෙනිසොයුලාව යනු තෙල් සම්පත යහමින් ඇති රටක් වන බැවින් එම ඇමරිකාවේ ආක්‍රමණයක් ලෙසද ඇතැම් වාර්තා පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 සිට ඊශ්‍රායල රැකියා සඳහා බඳවා ගැනීම් රජය හරහා පමණයි : SLBFE

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW : 2027 ජනවාරි 1...

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...