සටහන – රුවන් නෙළුගොල්ල
පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින් තිබූ කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඊයේ (29) දිනයේදී යළිත් ඒකක 20,000 සීමාව ඉක්මවමින් ඉදිරියට පැමිණියේය.
සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඊයේ දිනයේදී 1.49%ක වර්ධනයක් වාර්තා කරමින් ඒකක 296.93කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 20,267.15ක් ලෙසින් වාර්තා විය.
S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 1.43%ක වර්ධනයක් වාර්තා කරමින් ඊයේ දිනය තුළ ඒකක 81.35ක ඉහළයාමක් වාර්තා කළ අතර ගනුදෙනු අවසානයේ දී S&P SL20 දර්ශකයේ අගය ඒකක 5,773.92ක් ලෙසින් සටහන්ව තිබිණි.
ඊයේ දිනයේදී දෛනික පිරිවැටුම රුපියල් බිලියන 2.27ක් ලෙසින් වාර්තා විය.




