හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා සිද්ධියක් පමණක් බව ප්රවාහන නියෝජ්ය අමාත්ය, වෛද්ය ප්රසන්න ගුණසේන මහතා පවසයි.
ප්රශ්නය – යම්කිසි වරදකරුවෙකුට දැන් පොලීසියකට යන්න බයයි. ඔබතුමාලාගේ රජයට කළු පැල්ලමක් මේක ?
“නෑ, මේක ශ්රී ලංකා පොලීසිය නෙවෙයි. මේක හුදෙකලා සිද්ධියක්. එක්තරා සිද්ධියක්. ඒ සම්බන්ධයෙන් අමාත්යාංශය විධිමත් පරීක්ෂණයක් කරන්න අවධානය යොමුකරලා ඒක ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා සම්පූර්ණ ශ්රී ලංකා පොලීසිය ඉලක්ක කරලා චෝදනා එල්ල කිරීම වැරදියි”
නියෝජ්ය අමාත්ය ප්රසන්න ගුණසේන මහතා මේ බව පැවසුවේ පෙරේදා (28) පැවති මාධ්ය හමුවකදී ය.


