ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන “ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” (PSTA) සහ “සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත” (POCA) පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව වැටළීමට කටයුතු කරන බව ජන අරගල ව්යාපාරයේ මධ්යම කාරකසභික වසන්ත මුදලිගේ මහතා පවසයි.
“තරුණයා, ශිෂ්යයා, ගොවියා, කම්කරුවා, යුක්තිය ඉල්ලන සියලු මිනිස්සු ඉදිරියේදී සටන් කරනවා. ඒ ගැන සැකයක් තියාගන්න දෙයක් නෑ. මෙන්න මේ නිසා තමයි මේ පනත් ගේන්නෙ. මේ පනත් ගෙනල්ලා මැසේජ් එකක් දෙනවා ‘එන්න එපා, අපි බඩු ටික ලෑස්ති කරලා තියෙන්නෙ. දෙනවා ෂොට් එක’ කියලා. එහෙම දෙන්න වෙන්නෙ නෑ. අපි කියනවා, මේ පනත ආණ්ඩුව ගෙනල්ලා සම්මත කරගන්න උත්සහ කරයි. අපිට ආරංචිය තියෙන්නෙ නොවැම්බර් 4, 5, 6 වගේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරගන්න යනවා කියලා. අපි බලමු. අපිට ඒකත් දැනගන්න පුළුවන් හෙට වෙද්දී මේක න්යාය පුස්තකයට එනවද කියලා. මේක 4, 5, 6 දැම්මත් වෙන දවසක දැම්මත්, දානවා කියන පළවෙනි මොහොතේ අපි පාර්ලිමේන්තුව වටළනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. අපි ලංකාවේ වෘත්තීය සමිතිවලට, සිවිල් ක්රියාකාරිකයින්ට, සමාජයේ සියලු බලවේගවලට කියන්නෙ මේක ඕගොල්ලන්ගෙ ගෙදර මුලටම එන පනතක්. ඕගොල්ලන්ගෙ ගෙදර වතුර බිල වැඩියි කියලා කිව්වත් ඕගොල්ලන්ට ප්රශ්නයක් වෙන පනතක් මේ එන්නෙ. ඒ නිසා අපි මේ පනත ගේන ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව වටළනවා කියන එක අද ආණ්ඩුවට කියනවා. අනිත් හැමෝටමත් ඒ ගේන දවස් දෙක තුන ඇතුළත එන්න කියන ඉල්ලීම අපි කරනවා. මේවා පරාජය කරන්න පුළුවන්. මේ පනත් මේ නීති ගොඩාක් තියෙද්දී මේවා මේ රටේ ජනතාව පරාජය කරලා තියෙනවා, මේවාට පිටින් වැඩ කරලා තියෙනවා, තවත් ඒක කරන්න මේ රටේ ජනතාවක් ඉන්නවා”
වසන්ත මුදලිගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (29) හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකදී ය.


