කැබිනට් සංශෝධනය ජනවාරි අන්තිමේ. නාමල්ටත් ඇමතිකමක් ?

Date:

මාස ගණනක් තිස්සේ ප්‍රමාද වෙමින් තිබෙන කැබිනට් සංශෝධනය ජනවාරි මස අවසන් සතියේදී සිදුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව එහිදී නව කැබිනට් අමාත්‍යවරුන් 12 දෙනෙකු පත්කිරීමට නියමිත බව සඳහන්. මීටම සමගාමීව නව පළාත් ආණ්ඩුකාරවරුන් 6 දෙනෙකු ද පත් කෙරෙනු ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

කැබිනට් අමාත්‍ය තනතුරු සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කර තිබෙන ඇතැම් දේශපාලනඥයින් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අකමැත්ත පළකර තිබීම මෙතෙක් කැබිනට් සංශෝධනය ප්‍රමාද වීමට හේතුවී තිබුණු අතර මේ වනවිට එම ප්‍රශ්නය අවසන්ව ඇති බවත් වාර්තා විය.

මේ අතර නාමල් රාජපක්ෂ මහතාට ද කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීමට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් යෝජනා වී ඇති නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ නොමැති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවකට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ...