කොළඹ වරාය නගරයෙන් ඇ.ඩො. බිලියන 1.5ක් උපයාගැනීමට නියමිතයි!

Date:

කොළඹ වරාය නගරය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් උපයාගැනීමට නියමිත සෘජු විදේශ ආයෝජන ගලා ඒමකට මුල පුරා ඇති බව වාර්තා වේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන්සභා පනත යටතේ සංවර්ධනයට දායක වන මෙගා ව්‍යාපෘති ආරම්භ කිරීම තුළින් සෘජු විදේශ ආයෝජන බිලියන ගණනක් උපයා ගැනීමට හැකිබව මුදල් අමාත්‍යාංශයේ වාර්තාවකින් හෙළිදරව් වී තිබේ.

ඒ අනුව අවම වශයෙන් ඩොලර් මිලියන 953 ක ආයෝජන ප්‍රවාහයක් සහිත මෙගා ව්‍යාපෘති හතරක් ආරම්භ කිරීමට නියමිත අතර ඉතිරි ඩොලර් මිලියන 547 ප්‍රවාහන හා යටිතල පහසුකම් සංවර්ධන කටයුතු සඳහා යෙදවෙනු ඇත.

මෙම සංවර්ධන කටයුතු 2023 තුන්වන කාර්තුව වන විට නිම කිරීමට නියමිත වේ. මෙය යටිතල පහසුකම් සංවර්ධනයත් සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක මුදලක් යෙදවූ දිවයිනේ විශාලතම FDI අරමුදල් සහිත වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියට වඩා විශාල ආයෝජනයක් විය හැකිය. බිලියන 1.2 ක් දැනටමත් ආයෝජනය කර ඇති චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (CHEC) Port City Colombo Pvt Ltd නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ පැවසුවේ නව රෙගුලාසි පැනවීමෙන් පසු හැකි ඉක්මනින් අලෙවිකරණ උපාය මාර්ග ක්‍රියාවට නංවන අතර අනෙකුත් කටයුතු ද ආරම්භ කරන බවයි.

කොළඹ වරාය නගරය සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරී වීම හරහා ජාත්‍යන්තර ආයෝජන, වෙළඳාම, මූල්‍ය, විනෝදාස්වාදය, විවේකය සහ වෙනත් සේවාවන් ඇතුළත් ශ්‍රී ලංකාවේ ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස පත්කිරීමෙන් රටේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 13.7ක් එකතු කිරීමට අපේක්ෂා කෙරේ.

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර විශේෂ ආර්ථික කලාපයේ සහ දැනට ඉදිවෙමින් පවතින ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ සියලුම නව යටිතල පහසුකම් සංවර්ධනයත් සමඟ දිවයින ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් වීමට නියමිත අතර, මෙම මුලපිරීම් වරාය තුළ සිරස් සංවර්ධන සහ ව්‍යාපාරික මෙහෙයුම්වලට ඉතාමත් වැදගත් වේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...