කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයටත් බලපත්‍ර

Date:

කොළඹ LNW: කීරි සම්බා ආනයනය සඳහා පෞද්ගලික අංශයට බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසන්නේ රජය මගින් ආනයනය කළහොත් ප්‍රසම්පාදන කටයතු සඳහා විශාල කාලයක් වැය වන බැවින් එම තීරණය ගත් බවයි.

සහල් මිල ඉහළ යාමත් සමඟ කීරි සම්බා ආනයනයට පසුගිය දා කැබිනට් අනුමැතිය හිමිව තිබුණි.

ඒ යටතේ සම්බා මෙට්‍රික්ටොන් 50,000ක් ආනයනයට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර තිබුණද එම ක්‍රියාවලිය මෙතෙක් අවසන් වී නැති බව සඳහන්.

ඒ අනුව පෞද්ගලික අංශයට සම්බා ආනයනට අවසර දීමත් සමඟ කඩිනමින් එම සහල් තොග දිවයිනට ලැබෙනු ඇති බවයි වෙළෙඳ අමාත්‍යාංශය පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...