හියුමන් මෙටානියුමෝනියා (HMPV) ගැන ඔබත් බියෙන්ද?

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 04, කොළඹ (LNW):

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසන්නේ HMPV වෛරසය බිය වියයුතු කරුණක් නොවන බවයි.

චීනයේ නව ශ්වසන ආසාදන රැල්ල ශීත ඍතුවේ දී බහුලව දක්නට ලැබෙන්නක් බවත්, මෙම වෛරසයෙන් ශ්වසන අපහසුතාවල වැඩිවීමක් ඇති කළත්, එය නව වෛරසයක් හෝ වසංගත තර්ජනයක් නොවන බවත්, සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත.

මෙම  HMPV වෛරස තත්ත්වය සාමාන්‍යයෙන් සතියක් ඇතුළත පහව යන බවත්, කොවිඩ් වසංගතයෙන් පසු මිනිසුන් ශීත කාලයේදී රෝගකාරකවලට ගොදුරුවීමේ වැඩි හැකියාවක් තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන අතර, එහෙත් කුඩා දරුවන්, වැඩිහිටියන් මෙන්ම විශේෂයෙන් වෙනත් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් ප්‍රවේශම් වීම වඩා වැදගත් බව මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!

සටහන – පුලී නොවැම්බර් 09, කොළඹ (LNW):සිනමා විශ්වයන් තිර ආධිපත්‍යය...

අය වැය සහ ක්‍රීඩාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: ක්‍රීඩාව සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් වෙන්...

බෙකම් එක්තරා අන්දමක චාල්ස් ලෝලියෙක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: මේ වන විට ක්‍රීඩා නොකළත්,ඩේවිඩ්...

අගරදගුරු ගැලගර්ගේ හදිසි අසනීප තත්ත්වය ලංකා සංචාරයට බාධා කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : වතිකානු රාජ්‍ය සබඳතා...