රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW:
පනිජ්ජ ඔය සහ කන්දේගම අතර, මදුරු ඔය ජාතික වනෝද්‍යානය හරහා දිවෙන මාර්ග කොටස, නොවැම්බර් 20 වැනිදා සිට දිනපතා සවස 6.00 සිට පසුදින උදෑසන 6.00 දක්වා කාලය තුළ වාහන ගමනාගමනය සඳහා වසා තැබේ.
මහ ඔය – අරලගන්විල මාර්ගයට අදාළ වන මෙම තීරණය ගෙන ඇත්තේ, රාත්‍රී කාලයේ මාර්ගය හරහා ගමන් කරන වන සතුන් සම්බන්ධ අනතුරු වළක්වා ගැනීම සඳහාය.
රාත්‍රී කාලයේදී ජාතික වනෝද්‍යානය හරහා ගමන් කරන වාහන හේතුවෙන් නිතර අනතුරු සිදුවන බවත්, එමගින් වන සතුන් තුවාල ලැබීම හෝ මරණයට පත්වීම සිදුවන බවත් බලධාරීන් නිරීක්ෂණය කර ඇත.
මෙම මාර්ගය වසා තබන කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.


