Friday, March 31, 2023
spot_img

Latest Posts

ජල පාරිභෝගිකයන් සඳහා ලබාදුන් 10% ක සහනයත් අත්හිටුවයි

කුඩා පරිමාණ ගෘහස්ත ජල පාරිභෝගිකයන් සඳහා මෙතෙක් ලබාදුන් 10% ක වට්ටම අත්හිටුවීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබෙනවා. මාසිකව ජල ඒකක 25 ට වඩා අඩුවෙන් පරිභෝජනය කරන පවුල් ඒකක සඳහා මෙම සහනය ලබා දී තිබිණි.

2014 වසරේ අයවැය යෝජනාවකට අනුව මෙම සහනය ක්‍රියාත්මක විය.

ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ මෙම වට්ටම හේතුවෙන් මාසිකව අහිමි වන මුදල රුපියල් මිලියන 90 ක් බවයි. සමස්ත ගෘහස්ත ජල පාරිභෝගිකයන්ගෙන් 75% කට වැඩි ප්‍රමාණයක් මාසිකව ඒකක 25 ට වඩා අඩුවෙන් ජලය පරිභෝජනය කරන පාරිභෝගිකයන් බැවින් මෙම වට්ටම ලබාදීම, දැවැන්ත මුල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ජල සම්පාදන මණ්ඩලයට තවදුරටත් කළ නොහැකි බවද එම ආයතනය පවසනවා.

2014 වසරේ අයවැය යෝජනා මගින් කුඩා පරිමාණ ජල හා විදුලි පාරිභෝගිකයන් සඳහා 10% ක වට්ටමක් ලබාදීමට යෝජනා කළ අතර කෙසේ නමුත් 2015 වසරේදී විදුලිබල මණ්ඩලය එම වට්ටම ලබාදීම අත්හිටුවා තිබිණි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.