සුසිල් ප්‍රේම්ජයන්ත් ඉවත් කළේ විනය ප්‍රශ්නයක් නිසා – ජනාධිපති වෙනුවෙන් නාමල් පිළිතුරු බඳියි (VIDEO)

Date:

සුසිල් ප්‍රේම්ජයන්ත් රාජ්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීමට හේතු වී ඇත්තේ විනය පිළිබඳ ප්‍රශ්නයක් හේතුවෙන් බව තරුණ හා ක‍්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (04) කොළඹදී මධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

සහෝදර කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍යවරු විවේචනය කිරීම ගැන ගැටළු කිහිපයක් පැනනැගුණු අතර මේ ගැන පියවරක් නොගන්නේ ඇයිද යන්න බොහෝදෙනෙක් ජනාධිපතිවරයාගෙන් විමසා සිටි බවත් ඒ අනුව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් සම්බන්ධයෙන් අධිකරණයට ගිය විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන ඇමතිවරුන්ට එරෙහිවත් විනය පියවර ගත යුතුව තිබෙනවා නේදැයි යන්න මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයක් කර ඇති බවයි.

කෙසේවෙතත් ආණ්ඩුවක සිටින්නේ නම් සාමූහික වගකීම යටතේ ක්‍රියා කළ යුතු අතර යම්කිසි ක්‍රියාවකට අකමැති නම් කැබිනට් මණ්ඩලයේදී හෝ කණ්ඩායම් රැස්වීමකදී කතා කළ හැකි බවද හෙතෙම කියාසිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...