ඇමති කෙනෙක් වුණා කියලා වෙනස් මතයක් දරන්න ඉඩ නැද්ද ? – වාසු

අමාත්‍ය ධුරයක් දැරූ පමණින් වෙනස් මතයක් දැරිය නොහැකි නම් එම දේශපාලනයේ කිසිදු ඵලක් නොමැති බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. තමන් නියෝජනය කරන ආණ්ඩුව තුළ වුවද වැරදි දෙයක් සිදුවන්නේ නම් එය විවේචනය කිරීමේ අයිතිය ඇමතිවරුන්ට තිබිය යුතු බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

නානායක්කාර මහතා මෙසේ පවසා තිබෙන්නේ සුසිල් ප්‍රේම්ජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඉවත් කිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව තමා නොදන්නා බවත්, ඔහු අවසන් වරට මාධ්‍ය හරහා සිදුකළ විවේචනය ඇමති ධුරයෙන් අස් කිරීමට හේතු වූයේ නම් එය කිසිසේත්ම අනුමත කළ නොහැක්කක් බවත් වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...