GMOA ඉල්ලීම්වලට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාර – ස්ථාන මාරු පැරණි ක්‍රමයටම

Date:

ශ්‍රේණිධාරී වෛද්‍ය නිළධාරීන්ගේ ස්ථාන මාරු, මෙතෙක් සිදුකළ ක්‍රමවේදය අනුවම සිදු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. අගමැතිවරයා පෙන්වා දී තිබෙන්නේ ස්ථාන මාරු ක්‍රමවේද ඇතැම් නිළධාරීන්ගේ අභිමතය පරිදි වෙනස් කිරීමට යාම හේතුවෙන් අර්බුද මතුවන බවයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අගමැතිවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් සමග අද සාකච්ඡා පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයද සහභාගි වී තිබේ.

එහිදී අගමැතිවරයා පවසා තිබෙන්නේ දේශපාලන මතවාද අනුව යමින් රජය අපහසුතාවයට පත් නොකර වෘත්තීය සමිති සමග සහයෝගයෙන් ආයතන සංග්‍රහය අනුව කටයුතු කරන ලෙසයි.

වෛද්‍ය පරිපාලනය ජ්‍යෙෂ්ට, කණිෂ්ට යනුවෙන් කොටස් දෙකකට බෙදා ක්‍රියාත්මක නොකර එකම නියැදියක තබා කටයුතු කිරීම සුදුසු බව මෙම සාකච්ඡාවේදී රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය යෝජනා කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...

වෙඩි තැබීමක් : එක් අයෙක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : අද (06) රාත්‍රි‍...

දෙගොඩතලා ගිය මහා ජල කඳින්, බිඳී ගිය කඳු මතින් ආපහු පණ ගැහෙන්න දඟලනවුන්!

සටහන – පුලී දෙසැම්බර් 06, කොළඹ (LNW): මම ඇස් පියාගෙන...

ආපදා තත්ත්වයෙන් ජල සැපයුම් පද්ධතියට සිදුවූ හානිවලින් සියයට 90%ක් යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ආපදා තත්ත්වයෙන් ජල...