වසරකට කලින් බංකොලොත් වූ රටක මහාභාණ්ඩාගාරය වසරක් තුළ පිරෙන්නෙ අපේ අවංකත්වය නිසා – ඇමති වටගල

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගය බලයට පැමිණ ගතවූ වසරක කාලය තුළ ආණ්ඩුවට කිසිදු දූෂණ චෝදනාවක් එල්ල වීමට ඉඩතබා නොමැති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

“ජනාධිපතිවරයා දූෂිතයෙක් නම් කැබිනට් මණ්ඩලය ඉබේම දූෂිත වෙනවා. අපි ඇවිල්ලා වසරක් වෙනවා, කිසිකෙනෙකුට ඇඟිල්ල දික්කරන්න අපි ඉඩ තියලා නෑ. දූෂිත නිලධාරීන් ඉන්නවා නම් අපි ඔවුන් පසුපස හඹාගෙන ගිහිල්ලා අපි ඔවුන්ගේ සේවා තහනම් කරලා තියෙනවා. සුරාබදු එක මීට කලින් ආණ්ඩු යටතේ අන්ත දූෂිත තැනක්. නමුත් මේ පරිවර්තනය ඇතුළෙ ලාබ ලබලා තියෙනවා. වසරකට කලින් බංකොලොත් වූ රටක්, මහාභාණ්ඩාගාරය හිස්වූ රටක් කොහොමද වර්ෂයක් ඇතුළෙ මහාභාණ්ඩාගාරය පිරෙන්නෙ ? අවංකත්වය නිසා, තනි වචනයෙන් කිව්වොත්”

සුනිල් වටගල මහතා මේ බව පැවසුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට බඳවාගත් නිලධාරීන් 55 දෙනෙකුට පත්වීම් ලිපි ලබාදීම සඳහා පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...