නිශ්මං රණසිංහ ජනවාරි 04, කොළඹ LNW:
බස්නාහිර පළාත් පාපන්දු සංගමය සංවිධානය කරන බස්නාහිර පළාත් චැම්පියන්ස් කුසලාන 2025 තරගාවලිය යටතේ පැවත් වූ අවුරුදු 19 න් පහළ සහ අවුරුදු 40 න් ඉහළ පාපන්දු තරගාවලියන් හී අවසාන තරග ජනවාරි 4 වන දා පස්වරුවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවත්වෙනවා.මේ වන විට අවුරුදු 19 න් පහළ අවසාන තරගය සඳහා සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සහ හසීඩියන්ස් පාපන්දු සමාජය තේරී පත් වි සිටින අතර එම අවසාන තරගය පස්වරු 3.15 ට පැවත්විමට නියමිතව තිබෙනවා.
අවුරුදු 19 න් පහළ තරගාවලියේ කණ්ඩායම් 16 ක් අතරින් අවසාන තරගය සඳහා මෙම කණ්ඩායම් දෙක සුදුසුකම් ලබා සිටින අතර අවුරුදු 40 ට වැඩි කණ්ඩායම් අතර ජාතික පාපන්දු කන්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් ද දකින්නට සිටින අතර එහි තරග කිහිපයක් අද පෙරවරුවේ ද පැවත්වෙන අතර එයින් අවසාන තරගයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් දෙක අතර පැවත්වෙන තරගය පස්වරු 4.45 ට පැවත්වීමට නියමිතව තිබෙනවා.
මෙම තරගාවලියේ ආරම්භය ඔක්තෝම්බර් 9 වන දා මැලේසියානු මහා කොමසාරිස් ආදම් බදීල් ගේ ප්‍රධානත්වයෙන් සටහන් වී ඇති අතර අද අවසාන තරග පැවත්වෙන දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඇරයුම් ලබා ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලයි.විශේෂ ආරාධිත අමුත්තා ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් සහභාගිවීමට නියමිතව තිබෙනවා.
මීට පෙර ක්‍රීඩා කටයුතුවලට සුගතදාස ක්‍රීඩාංගණය වසා දමමින් එය ක්‍රීඩා කිරීමට නුසුදුුසු තත්ත්වයේ තිබෙන බව පවසමින් සංගීත සංදර්ශනයකට පවරා දී තිබුණා.අප ඒ අවස්ථාවේදීත් ක්‍රීඩාංගණයේ අර්බූදය ගැන ප්‍රකාශය සාවද්‍ය බව ප්‍රකාශ කරමින් සංගීත සංදර්ශනයට ක්‍රීඩා පිටිය සකස්වීම සිඳුවන්නේ ක්‍රීඩකයින් පුහුණුව සඳහා ක්‍රීඩා පිටියේ ක්‍රීඩා උපකරණ සමඟ සිටියදීම බව ද පෙන්වා දුන්නා.ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ කරුණු පදනම් කරගෙන ඉන් පසුව මෙම ක්‍රීඩා පිටිය වෙන් කර ගැනීම සඳහා කටයුුතු කළ ක්‍රීඩා තරග අවලංගු කිරීමට උත්සාහ කළ ද නැවත ඒවා පැවත්වීමට අවධානය යොමු කර තිබෙනවා.
මේ අතර අදාළ සංදර්ශනය වෙනුවෙන් ක්‍රීඩා පිටිය වෙන් කර පුද්ගලයා එම පීඨිකාව ඉදි කරන ලද පුද්ගලයන්ට ගෙවීම් කර නොමැතිවීම නිසා එය ඉවත් කරගෙන ගොස් ඇති අතර ක්‍රීඩා කටයුතුවලට හරස් කපමින් සුගතදාස පිටිය ලබා ගැනීමට අදාළ සංවිධායකයින් සම්පූර්ණ ගෙවන්නේ නැතුව ක්‍රීඩා පිටිය ද වෙන කුමන හෝ ඉහළ හිතවත්කමක් මත වෙන් කරගෙන ඇද්ද යන්න විමසා බැලිය යුතු බව ක්‍රීඩාංගණ සේවකයින් ද විමසිල්ලෙන් සිටිනවා.
එහෙත් මෙහි සාමාන්‍ය සේවකයින් ක්‍රීඩා පිටිය අබල දුබල තත්ත්වයෙන් මුදවා කැඩුණු තැන් නැවත ඇලවීමට යෝජනා කර ඇතත් ඉහළ පාලනාධිකාරය ඊට කැමත්තක් නොදක්වන බව ද වාර්තා වේ.ක්‍රීඩා පිටිය වෙන් කර ගැනීමේදි ඉහළ සහ සාමාන්‍ය සේවකයින් යන දෙපාර්ශවය සමඟ සාකච්ඡා කළ පිරිස් විසින් මේ සම්බන්ධයෙන් කරන කතා බහ මේ වන විට ක්‍රීඩාව සමඟ සම්බන්ධ බොහෝ දෙනෙකුට රහසක් නොවී ඇති අතර පාලනාධිකාරිය මෙම ඉඩ ක්‍රීඩාවන් කිරීම වළක්වමින් අබලන් තත්ත්වයේම පවත්වාගෙන යමින් මලල ක්‍රීඩාව වෙනුවෙන් ඇති හොඳම ස්ථානය විනාශ කිරීමට සැළසුම් කරනවාද යන සැකයත් මේ සමඟ මතුවෙමින් ඇත.
ඉතාම පිරිසිදු ක්‍රීඩාවට හිතකර තත්ත්වයක් මේ ආණ්ඩුව යටතේ සුගතදාස ක්‍රීඩාංගණයෙන් අපේක්ෂා කරමින් පත් කරන පාලනාධිකාරිවලින් එම තත්ත්වය අපේක්ෂා කළ පහළ මට්ටමේම සේවකයින් පවා දැන් කියන්නේ කතාවට අහන්න වි ඇත්තේ මත්පැන් ඉල්ලා කරන කන්නලව් අඩංගු දුරකතන සංවාද බවය.
කෙසේ නමුත් මේ කරුණු ගැන කවුරුන් හෝ විවේචනයක් ඉදිරිපත් කළහොත් රාජ්‍ය ආයතනවලට අපහාස කරන බව කියමින් සහ අමාත්‍යවරයාට අපහාසයක් වූ බව කියමින් පොලීසියට පැමිණිළි කිරීම සඳහා ක්‍රියාත්මකවිමේ බලාපොරොත්තුවක් අමාත්‍යංශයේ මෙන්ම මෙහි ද උසස් නිලධාරීන්ගේ අපේක්ෂාව වි ඇති බව වාර්තා වෙනවා.ඒ අනුව ආයතනික සහ අමාත්‍යංශ මුදල් වියදම් කරමින් අධිකරණයට පොලිසියට යන සිය ආයතනික නිලධාරීන්ට වඩා ක්‍රීඩාව වෙනුවෙන් පෙනී සිටින අයට පෞද්ගලික මුදල් වියදම් කරමින් පොලිසියට සහ අධිකරණයට යාමට සිඳුවන බැවින් විවේචන ඉදිරිපත් කිරීමට බිය කිරීම එහි අරමුණ වී ඇති බව ද වාර්තා වෙනවා.


