*
Monday, January 6, 2025
spot_img

Latest Posts

පකිස්තානයට පැරදුණු ලංකාව ඉන්දියා බී පහසුවෙන් පරදවයි,අසේල තවමත් හොඳ හයියට

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 04 කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ පැවත්වෙන අටවන නීතිඥ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවති තරගයේදී ශ්‍රී ලංකාවය පළමුවරට ලකුණු 42 ක පරාජයක් විඳින්නට සිඳු වුණා.පළමුව පන්දුවට පහර දුන් පකිස්තානය ලකුණු 199 ක් රැස් කළේ කඩුලු 3 ක් පමණක් අහිමි කර ගනිමින්.පන්දුවාර 35 දී ලකුණු 200 ක් රැස් කරන්නට පිටියට පිවිසි ශ්‍රි ලංකාවට සිඳු වූයේ පන්දු ඕවර් 30 දී ලකුණු 157 ට සියලු දෙනාම දැවී ඉණිම නිමා කරන්නයි.


තවත් පන්දු ඕවර් 5 ක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායම දැවී යාම සහ එම පන්දු ඕවර් 5 ට ලකුණු 42 ක් මදි වීම ගත් විට සහ එම ඉණිම ක්‍රියාත්මක වූ ස්වභාවය ගත් විට දැකිය හැකි කරුණ වන්නේ එම ලකුණු ප්‍රමාණය හඹායාමට ශ්‍රී ලංකාවට හැකියාව තිබුණ බවයි.එම හැකියාව ගිලිහී යන්නේ ඉණිම තුළ කිසිඳු ආකාරයකින් කඩුල්ලක් දෙකක් සඳහා අඩුම තරමේ අර්ධ ශතකයක හෝ සබඳතාවයක් ඇති නොවීමය.විශේෂයෙන් තුසිත පල්ලිවත්ත,එර්ෂාන් ආරියරත්නම් වැනි ඉහළ මට්ටමේ ඉණිම් මේ තරගාවලිය තුළම දියත් කළ ක්‍රීඩකයින් එක් අයෙක් හෝ සමඟ කිසිවෙක් දිගු ඉණිමක් ක්‍රීඩා කරේනම් පකිස්තානයට ලකුණු 199 මදි වීමට තිබුණු ඉඩ ඉහළින් කැපී පෙණින.


එසේම මේ තරගාවලිය පුරාම පිතිකරුවන් කඩුලු අතර දිවීමේදී සීමිත පන්දුවාර තරගයකදී දර්ශනය විය යුත්තේ එක ලකුණ දෙක කිරමේ වේගවත් කඩුලු අතර දිවීම් වුව ද,ශ්‍රී ලංකා පිතිකරුවන් වෙතින් දකින්නට ලැබෙන්නේ ලකුණු දෙක ද එක කිරීමේ දිවීම් ය.මේ තත්ත්වය ඉදිරියේදී වෙනස් කර ගැනීම වේගවත් වීමට පෙර ස්ඛාවර වීම මෙන්ම හොද කඩුලු සබඳතාවයක් අවශ්‍යයතාවය සහ වැදගත්කම තේරුම් ගැනීම වැදගත් අතර එම තත්ත්වය තේරුම් ගෙන විශ්වසනීය සහ ඉවසිලිවන්ත ඉණිමක් ගොඩ නැඟුවේ උප නායක කසුන් හෙට්ටිආරච්චි පමණි.


මේ පරාජයෙන් ඉනික්බිති එම පරාජය සිඳු වූ කටුනායක ගුවන් හමුදා ක්‍රිඩා පිටියේදීම ඉන්දීය බී කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව පිටියට පැමිණියේ මේ දක්වා විවේක ගන්වා තිබූ කණ්ඩායමේ සිට ජ්‍යෙෂ්ඨම ක්‍රිඩකයා ද කැටුවය.පළමු ලෝක කුසලානය පැවත් වූ මොහොතේ තරගාවලියේ වීරයා වූ අසේල පටබැඳි මේ තරගාවලියේ පළමු වරට තරගයකට පිවිසි අතර ඔහු එහීදී තවමත් පළමු තරගාවලියේදී ම මෙන්ම පිත්ත හැසිරීමේ හැකියාව තමන් සතු බව මැනවින් විඳහා දක්වන්නට සමත් විය.


මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිතිකරුවෝ අසරණ කළ පන්දු යැවීමේ පෙරමුණ ගත්තේ සචිත්‍ර තෙන්නකෝන් ය.ඔහුගේ පලදාව ලකුණු 16 ට කඩුලු 3 ක් විය.එහි පලයක් ලෙස පන්දු ඕවර 35 නිමාවේ ඉනිදීය බී ඉණිම කඩුලු 9 ට ලකුණු 160 ක් විණි.ශ්‍රී ලංකා නායක එර්ෂාන් සුළු ආබාධිත තත්ත්වයක් නිසා තරගයට ක්‍රීඩා නොකළේය.උප නායක කසුන් මෙහෙය වූ පන්දු යවන්න් සතු වූ හැසිරීම නිසා ඉන්දීය බී කණ්ඩායම 160 න් නැවතුණ ද,පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව වෙනුවෙන් අසේල පටබැඳී හොඳ ඉණිමක් දියත් කරමින් පන්දු ඕවර් 29.1 ක් තුළ ශ්‍රී ලංකාවට ජයග්‍රහණය ගෙන යා හැකි මාර්ගය විවර කර දුන්නේය.ලකුණු පූවරුව නඩුලු 4 ට ලකුණු 164 ක් වෙද්දී අංක 5 පිතිකරු ලෙස පිටියට පිවිසි අසේල පටබැඳී පන්දු 32 න් ලකුණු 47 නොදැවී ලබා සිටියේය.එම ලකුණු ප්‍රමාණයට හයේ පහර 2 ක් සහ හතරේ පහර තුනකින් ගලා ආ ලකුණු 24 ක් එකතු වී තිබිණ.පවිත්‍ර බෝලපගේ (41) සහ පන්දුවට පහර දීමෙන් ඉවත් වූ නොදැවී ලකුණු 31 ලැබූ නායක කසුන් විසින් ඇති කරන බලපෑම ද ජයග්‍රහණයට වැදගත් විය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan