බැඩ්මින්ටන් පරිපාලනයේ ආසියාවේ ප්‍රබලයෙක් ශ්‍රී ලංකාවට

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 04 කොළඹ (LNW): ශ්‍රි ලංකා බැඩ්මින්ටන් සභාපති රොහාන් ද සිල්වා මහතා ඇතුළු විධායක කමිටු නිළධාරින්ගේ ආරාධනාවකට අනුව ආසියානු බැඩ්මින්ටන් සංවර්ධන කමිටුවේ කළමනාකරු වන මැලේසියානු ජාතික තානා බාලන් ශ්‍රි ලංකාවට පැමිණියා..ශ්‍රි ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රිඩාව තව දුරටත් නඟා සිටුවිමට, පුහුණුකරුවන්ගේ දැණුම යාවත්කාලීන කිරීම සමඟ සමස්ත බැඩ්මින්ටන් ක්‍රිඩාවේ සංවර්ධනය උදෙසා අවශ්‍යය මඟ පෙන්වීම සිදු කිරීම සිය ශ්‍රි ලංකා සංචාරයේ අරමුණ බව තානා බාලන් පවසා සිටියා.


බණඩාරනායක ගුවන් තොටුපළේදී ඔහුව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් වෙනුවෙන් පිළිගැනීම සඳහා ඉදිරිපත් වුණේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් හී පුහුණුකරුවන්ගේ දැණුම වර්ධනය කිරීමේ කටයුතු භාර උප සභාපති බුද්ධික සිල්වා ඇතුළු විධායක කමිටු නිලධාරීන් විසින් වන අතර ඔහු දින කිහිපයක් ලංකාවේ රැඳෙමින් මේ වන විට ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රියාත්මක වන ආකාරය සහ එහි සංවර්ධනය උදෙසා කළ යුතු සංශෙෘ්ධන ගැන සාකච්ඡා කිරීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...