ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ පුනරුදයේ ඇරඹුම!

Date:

කොළඹ LNW:ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වැටුණු රට ගොඩනගන දීර්ඝ කාලීන සැලසුමක් සහිතව ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

එය ආයතනික මට්ටමින්, පාරිසරික වශයෙන්,ආචාර ධාර්මික වශයෙන් පුනර්ජීවනයක් ඇතිවන වැඩපිළිවෙලක් බවයි සුරවීර මහතා සඳහන් කරන්නේ.

”ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙල කියන්නේ ඉතා ගැඹුරු,තේරුමක් ඇති,ඒ වගේම මේ වැටිච්ච රට ගොඩනැගීම ඉලක්ක කරගෙන දීර්ඝ කාලීනව ක්‍රියාත්මක කරන වැඩසටහනක්. ඒක ඇතුලේ ජනාධිපති කාර්ය සාධක බලකායක් ගොඩනැගෙනවා. ඒ වගේම ඒකට අදාළ වන පළාත් පාලන ආයතන සහ දිස්ත්‍රික්  ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල,පරිසරය ඒවගේම සමාජීය ජීවිත, ඒවගේම ආචාර ධාර්මික පුනර්ජීවනයක් ඉලක්ක කරගත්ත දැවැන්ත වැඩපිළිවෙලක ආරම්භය තමයි මේ . මේක සතියකින් දෙකකින් අවුරුද්දකින් අවසන් කරන  වැඩපිළිවෙලක් නෙවෙයි රට පුනරුදයක් කරගෙන යාම ආරම්භ කරගෙන,අරමුණු කරගෙන ගොඩනගපු වැඩසටහනක්.” යනුවෙන් මන්ත්‍රීවරයා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...

ටිල්වින් සිල්වාට ආරක්ෂාව දෙන්නේ එයත් පාතාලේද?

කොළඹ LNW: බලය ලබා ගැනීමට පෙර පැවසුවේ ආරක්ෂාව අවශ්‍ය...