තරුණ පරපුර පෝලිමේ රටහැර යනවා, ආණ්ඩුවට වගේවගක් නෑ – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

අද රටේ ආරක්ෂාවත්, ජාතික ආරක්ෂාවත්, සමාජ ආරක්ෂාවත් යනාදී සකලවිද ආරක්ෂාවන් උල්ලංඝනය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. රටේ තරුණ පරපුර පෝලිමේ රට අතැර යන බව පැවසූ විපක්ෂ නායකවරයා ආණ්ඩුව රටට උරුමකොට ඇත්තේ පෝලිම් යුගයක් පමණක් බවයි සදහන් කළේ.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ කින්නියා අලිගාර් මහා විදුහලේ පැවැති “සක්වල”වැඩසටහනේ තෙවැනි අදියරට ඊයේ (04) එක් වෙමිනි.

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස “ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, “සක්වල” තුන්වන අදියර ඊයේ ආරම්භ විය.

දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක”සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන “සක්වල” වැඩසටහනෙන් රුපියල් හත්ලක්ෂ පනස්දහසක් (රු.750,000) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ත්‍රිකුණාමලය කින්නියා අලිගාර් මහා විද්‍යාලයට පරිත්‍යාග කිරීම ඊයේ සිදුකෙරිණි.

විපක්ෂ නායකවරයාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සක්වල” වැඩසටහන මෙරට දුෂ්කර පාසල් පද්ධතිය තුළ අධ්‍යාපනය හදාරන දුවාදරුවන්ගේ නවීන තාක්ෂණික දැනුම වර්ධනය කිරීම අරමුණු කොට ගනිමින් නිර්මාණය කොට ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW: කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අද...

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය!

කොළඹ LNW:ගෝලීය ප්‍රජාවේ දැඩි අවදානයට ලක් වූ ඇමෙරිකා ජනාධිපති...

බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : අද (04) දිනයේ සිට...

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...