භානුක රාජපක්ෂ ජාත්‍යන්තර පිටියෙන් සමු ගනී – ඇන්ජලෝ පෙරේරාත් යයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. මේ වනවිට ඔහු සිය තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

එක්දින තරග 05 කට හා 20/20 තරග 18 කට සහභාගි වූ භානුක මෑතභාගය තුළ එක්දින හා 20/20 තරගවලදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් කිහිප දෙනාගෙන් එක් අයෙකි. මේ නිසා භානුකගේ හදිසි සමු ගැනීම ක්‍රීඩාලෝලීන් පුදුමයට පත් කරන තීරණයක් වනු ඇත.

මේ අතර එක්දින හා 20/20 තරග වෙනුවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කළ ඇන්ජලෝ පෙරේරාද ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නා බව දැනුම් දී තිබෙනවා.

නිමා වූ ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේදී භානුක ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නායකත්වය ලබාදුන් අතර කැන්ඩි කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ පෙරේරා කටයුතු කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදියෙකු විසින් CID වෙත ආන්දෝලනාත්මක පැමිණිල්ලක්!

සිවිල් ක්‍රියාකාරී හා ජනමාධ්‍යවේදී කැලුම් අමරසිංහ විසින් අද අපරාධ...

තවත් ප්‍රමාද නොවී විගණකාධිපතිවරයෙක් පත් කරන්න – මුදල් කාරක සභාවේ සභාපති ජනපතිගෙන් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ තවදුරටත් ප්‍රමාදයකින් තොරව විගණකාධිපතිවරයෙක් පත්කරන ලෙස මුදල් කාරක...

දිට්වා ආපදාවෙන් මහනුවර පුද්ගලයන් එක්ලක්ෂ අසූහය දහසකට පීඩා!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...

Zootopia 2 හි ගැරීගේ ආගමනය සමඟින් නිල් පාට උරගයින්ට චීනයෙන් බේරිල්ලක් නෑලු!

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW):  මෑතකදී කරළියට ආ...