ශ්‍රී ලංකා – ඉන්දීය යුද හමුදා දායකත්වයෙන් ගොඩනැගෙන බෙලිඋල්ඔය පාලම

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් දැඩි හානියට පත් මහනුවර රන්දෙණිගල රජ මාවතේ බෙලිඋල්ඔය පාලම සඳහා පෙර සවි පාලමක් සවි කිරීම ශ්‍රී ලංකා හා ඉන්දීය යුද හමුදා දායකත්වයෙන් පසුගිය (04) අරම්භ විය.

බෙලිඋල්ඔය හරහා ලැමසූරිය දී ඉදි කොට ඇති මෙම පාලම අධික වර්ෂාව හේතුවෙන් පස් කණ්ඩියක් සම්පූර්ණයෙන් සේදී යාමට ලක්වූයේ ඉකුත් නොවැම්බර් 27 වන දිනදීය.

මේ නිසා දින 40කට ආසන්න කාලයක් මෙම පාලම මතින් වාහන ගමනා ගමනයට අවස්ථාව හිමි නොවුණු අතර ඉන්දීය රජය ලබා දුන් පෙරසවි පාලමක් බෙලිඋල්ඔය පාලමේ එක් ඉවුරක් සඳහා සවි කිරීම මේ වන විට ආරම්භ කොට තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරීයේ අධීක්ෂණය මත ඉන්දීය හා ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන්ගේ දායකත්වය මත පෙර සවි පාලම ඉදි කිරීමේ කටයුතු සිදුවේ.

යුද හමුදා දායකත්වයෙන් පෙර සවි පාලම සකස් කිරීමෙන් අනතුරුව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන තත්ත්ව පරීක්ෂණයකින් අනතුරුව මෙම පාලම වාහන ගමනා ගමනයට විවෘත කිරීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...