ශ්‍රී ලංකා – ඉන්දීය යුද හමුදා දායකත්වයෙන් ගොඩනැගෙන බෙලිඋල්ඔය පාලම

Date:

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් දැඩි හානියට පත් මහනුවර රන්දෙණිගල රජ මාවතේ බෙලිඋල්ඔය පාලම සඳහා පෙර සවි පාලමක් සවි කිරීම ශ්‍රී ලංකා හා ඉන්දීය යුද හමුදා දායකත්වයෙන් පසුගිය (04) අරම්භ විය.

බෙලිඋල්ඔය හරහා ලැමසූරිය දී ඉදි කොට ඇති මෙම පාලම අධික වර්ෂාව හේතුවෙන් පස් කණ්ඩියක් සම්පූර්ණයෙන් සේදී යාමට ලක්වූයේ ඉකුත් නොවැම්බර් 27 වන දිනදීය.

මේ නිසා දින 40කට ආසන්න කාලයක් මෙම පාලම මතින් වාහන ගමනා ගමනයට අවස්ථාව හිමි නොවුණු අතර ඉන්දීය රජය ලබා දුන් පෙරසවි පාලමක් බෙලිඋල්ඔය පාලමේ එක් ඉවුරක් සඳහා සවි කිරීම මේ වන විට ආරම්භ කොට තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරීයේ අධීක්ෂණය මත ඉන්දීය හා ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන්ගේ දායකත්වය මත පෙර සවි පාලම ඉදි කිරීමේ කටයුතු සිදුවේ.

යුද හමුදා දායකත්වයෙන් පෙර සවි පාලම සකස් කිරීමෙන් අනතුරුව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන තත්ත්ව පරීක්ෂණයකින් අනතුරුව මෙම පාලම වාහන ගමනා ගමනයට විවෘත කිරීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...