වෝල්ට්‍රීම් වතුයායේ වතු කම්කරුවන්ට නව නිවාස ඉදිකිරීම් ඇරඹේ!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW :

ඊයේ (04) දින තලවකැලේ ලිඳුල වෝල්ට්‍රීම් වතුයායේ වතු කම්කරු පවුල් 24ක් සඳහා නව නිවාස 24ක් ඉදි කිරීම් කටයුතු නුවරඑළිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීරආරච්චි සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි යන අයගේ ප්‍රධානත්වයෙන් එම වතුයායේදී සිදු කර තිබෙන බව වාර්තා වේ.

2015 වසරේ එම වතුයායේ නායයෑමේ අවධානමකට ලක් වී තාවකාලිකව එම වතුයායේ ආරක්ෂිත ස්ථානවල රැඳී සිටි පීඩාවට පත් වතුකම්කරුවන් වෙනුවෙන් මෙම නිවාස 24 ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිර්දේශ සහිතව ලබා දුන් එම වතුයායේ ඉඩමක ඉදි කිරීම් කටයුතු ආරම්භ කළේය .

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන සහ ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදි කෙරෙන මෙම එක් නිවෙසක් සඳහා රු.ලක්ෂ 32ක ප්‍රතිපාදන වැය කිරීමට නියමිතයි.

විසිත්ත කාමරයක්, නිදන කාමර 2ක්, මුළුතැන්ගෙයක්, සනීපාරක්ෂක පද්ධතියකින් සමන්විත මෙම එක් නිවසක් වර්ග අඩි 750කින් සමන්විත වන අතර, එම නිවස පර්චස් 10ක ඉඩමක ඉදි කිරිම් කරනු ලබයි

සෑම නිවසකටම විදුලිය, මංමාවත් සහ පිරිසිදු පානිය ජලය යෝජනා ක්‍රමයක් ලබා දීමටද යෝජනා කර ඇති අතර, මෙම නිවාස ඉදි කිරීම් කටයුතු මානව වැවිලි භාරය මගින් සිදු කරන අතර, නිවාස යෝජනා ක්‍රමය ආරම්භ කිරීමේ අවස්ථාවට තලවකැලේ ලිඳුල නගර සභාවේ සභාපති මලිදුව ලියනගේ, වතු පාලන අධිකාරියේ නිලධාරින් සහ විශාල පිරිසක් සහභාගි වී සිටි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...