2026 නව පාසල් වාරය අද ඇරඹේ – නව විෂය මාලා ආරම්භය ගැන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:අද (05) සිට 2026 නව පාසල් වාරය ආරම්භ වූ අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට යටත්ව පළමු ශ්‍රේණියේ දරුවන් සඳහා හෙට (06) සිට ආරම්භ වන නව අධ්‍යනය වර්ෂය තුළ ජනවාරි 29වනදාත් 6 වන ශ්‍රේණියේ දරුවන්ට ජනවාරි 21වනදාත් නව විෂය මාලාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.

එම ප්‍රතිසංස්කරණ විෂය මාලා වෙනසක් පමණක් නොව අධ්‍යාපන ක්‍රමයේම වෙනසක් සිදුවන අතර ගවේෂණාත්මක අධ්‍යාපන ප්‍රවේශයකට දරුවන් යොමු කරන බවයි අගමැතිවරිය සඳහන් කළේ.

ඇය මේ බව පැවසුවේ ඊයේ (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය හමුවේදීය.

මෙම විෂය මාලාව ක්‍රියාත්මක කරන ගුරුවරුන් සඳහා ද පුහුණුව ලබා දී ඇති අතර මේ වන විට පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් 7,181ක් සිදු කර ගුරුවරු 132,580ක ප්‍රමාණයට පුහුණුව ලබා දී ඇති බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේය.

ඒ අනුව මෙම නව මොඩියුල සමග එම විෂයන් උගන්වන ගුරුවරුන්ගෙන් 93%කට මේ වන විට පුහුණුව ලබා දී අවසන් කර ඇත.

එමෙන්ම ඊට සමගාමීව මෙම නව ප්‍රතිසංසකරණ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා යටිතල පහසුකම් සැපයීම කෙරෙහි ද අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

වෘත්තීය අධ්‍යාපන ප්‍රවේශයද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ අඩංගු අතර එය විෂය මාලා අධ්‍යාපනය දුර්වලකමක් දක්වන දරුවන් සඳහා වන යොමුකිරීමක් නොවන අතර එය රැකියා වෙළෙඳපොළ සමඟ සමගාමීව යන අධ්‍යාපන ප්‍රවේශයක් වන අතර එමඟින් පාසල් අධ්‍යාපනයෙන් පසු සෘජුවම රැකියාවකට යොමු වීමේ අවස්ථාව උදා කර ඇති බවද ඇය කියාසිටියාය.

එමෙන්ම පාසල් අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපන ප්‍රවේශයද පවතින අතර අවශ්‍ය නම් රැකියාවකට ගොස් පසුව උසස් අධ්‍යාපනය සඳහා යොමු වීමේ අවස්ථාවද උදාකර දී තිබෙන බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට ලංසු කැඳවයි

Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන...

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...